අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි. ඉන්දියාවේ කොයිම්බතූර් පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේය.
ජුලි 3 දා අංගොඩ ලොක්කා ඝාතනය වී ඇති අතර ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛණ සකස් කර මදුරෙයි හිදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් හා ඉන්දීය ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අංගොඩ ලොක්කා ඉන්දියාවේ අවම වශයෙන් අවුරුදු දෙකක්වත් සැඟවී සිට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අංගොඩ ලොක්කාට ආර්. ප්‍රදීප් සිං යන නම ඇතුළත් කරමින් ඔහු මදුරෙයි හිදී ආදාහනය කර තිබේ.
අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතික කාන්තාව අමානි තාන්ජි නම් 27 හැවැරිදි කාන්තාවක් වන අතර ඇය අංගොඩ ලොක්කා සමග කොයිම්බතූර්හිදී ජීවත්ව ඇතිබවට ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
හෘදයාබාධයක් හේතුවෙන් අංගොඩ ලොක්කා නිවසේදී සිහිසුන් වූ බව සඳහන් සඳහන් කරමින් අත්අඩංගුවට පත් සැකකරුවන් පසුගිය ජුලි 03 දා ඔහුව කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ඔහු මියගොස් ඇති අතර ඔහුගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කර තිබේ. මෙහිදී පොලීසියට එම ලේඛණවල සත්‍යතාව පළමුව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.
සැකකරුවන් තිදෙනාට නඩු ගොනුකර ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. අංගෝඩා ලොක්කා ඝාතනය වීමේ තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සඳහා තමිල්නාඩු පොලීසිය සම්බන්ධකරගෙන තිබේ.

popular news
-
Kumar Monday, 03 August 2020 10:22 PM
The usual disappearing act pulled by drug lords to get away from law enforcement. I hope DNA proves me wrong.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

