කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයාගැන සමීක්ෂණයක්
( අම්ත් මධුරංග ) 2017-05-19 07:30:31
Comments - 0       Views - 552

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජීවත්වන අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් හා නිවාස ලබාදී ඉවත් කිරීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිතව අද (19දා) සිට මාස හයක කාලයක් පුරා සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වසර 25කට ආසන්න කාලයක් මෙසේ අනවසරයෙන් පදිංචිවී සිටින පවුල් 3000කට අසාධාරණයක් නොවන අයුරින් කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය බැවින් යූඑන් හැබිටැට් නම් ස්වාධීන ආයතනයක් මගින් මෙම සමාජ ආර්ථික සමීක්ෂණය සිදුකරන බවද අමාත්‍යවර‍යා සඳහන් කළේය.

කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා සිදුකරන මෙම සමීක්ෂණය පිළිබඳව කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස සිටින අනවසර පදිංචිකරුවන් අතර, විවිධ මත හා ප්‍රචාරයන් ඇතිවීමට ඉඩ තිබෙන බවත්,ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කළ බවද සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දැනට කොළඹ නගරයට දුම්රිය මාර්ග හතරකින් ජනතාව පැමිණෙන බවත්,කාර්ය බහුල අවස්ථාවලදී පාදුක්ක සිට කොළඹ දක්වා පමණක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ 15000කට ආසන්න මගී ජනතාවක් පැමිණෙන බවත් හෙතෙම පැවසීය.

කැලණිවැලි මාර්ගයේ පැමිණෙන  මගීන්ගේ ගමන් පහසුව සඳහා දැනට ක්‍රියාත්මක වන්නේ දුම්රියන් පහක් පමණක් බවත්, එය  දුම්රියන්  18ක් දක්වා වැඩිකරන බවත්, පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා  ඒ සඳහා කොටුව සිට පාදුක්ක දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත්,  අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා හයිලෙවල් මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයට මෙය විසඳුමක් බවත් පවසා සිටියේය.

එම ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායී ණය යටතේ ඩොලර් මිලියන 600ක මුදලක් ලැබීමට නියමිත බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයාගැන සමීක්ෂණයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017