හිස් බෝතල් අහුලා ඔලිම්පික් යාමට වෙරදරන ලක්‍ෂිකා
( . . ) 2017-04-18 08:57:31
Comments - 3       Views - 1217

බර ඉසිලීමේ ඉසව්වෙන් ජාත්‍යන්තරය දක්වා ඉදිරියට යාමට නොහැකිව අගහිඟකම් මධ්‍යයේ සිටින වැලිකන්ද සෙවණපිටියේ පදිංචි අයි.පී. ලක්‍ෂිකා මධුමාලි නම් ක්‍රීඩිකාවට අවශ්‍ය මුදල් සොයාදීමට හිස්බෝතල් අහුලා අලෙවි කිරීමේ උදාර කටයුත්තක නිතරවී සිටින ආදර්ශමත් යෞවන සමාජයක දරු දැරියන් පිරිසක් පිළිබඳව සෙවණපිටියෙන් වාර්තා විය.

ජාතික පාසල් බර ඉසිලීමේ තරගාවලියන් හිදි 2014, 2015 හා 2016 යන වර්ෂයන්වල කිලෝ ග්‍රෑම් 53 බර පන්තියෙන් අඛණ්ඩව වසර 03ක් රන් පදක්කම් ලබා ඇති ලක්‍ෂිකා, බර ඉසිලීම පුහුණු වී ඇත්තේ කායවර්ධන උපකරණ කට්ටලයක් මගින් පමණක්වීම විශේෂ වේ. 

20161110_073740 copy   

ඇය මැලේසියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදීද ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් එක්කරදුන් ක්‍රීඩිකාවකි. කෙසේ නමුත් ඇය ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගිවීමට නොහැකි තරමට ආර්ථික අපහසුතාවන්ට මුහුණදී සිටියි.

ඇගේ මෙම තත්ත්වය වටහා ගත් සෙවණපිටිය යෞවන සමාජය ඉකුත් දිනක ඇය සමග සෙවණපිටිය නගරයේ අස්සක් මුල්ලක්නෑර හිස් අරක්කු බෝතල් මෙන්ම නොදිරන ද්‍රව්‍ය එකතු කිරීමේ කටයුත්තක නිරත විය.අනතුරුව එලෙස එකතු කරගත් හිස් බෝතල් 5000කට අධික ප්‍රමාණයක් බෝතල් වෙළෙන්දෙකුට ලබාදී එම මුදල, ලක්ෂිකාගේ ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගයට යෑමේ වියදමක් ලෙස එකතු කළේය. 

DSC_0973 copy

ඩෙංගු මර්දන ව්‍යාපෘතියට සමගාමීව සිදු වූ මෙම ශ්‍රමදානය වැලිකන්ද ප්‍රා‘දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් සංවිධානය කරතිබිණි. 
සෙවණපිටිය ග්‍රාම නිලධාරී චමින්ද කුමාර විජේසිංහ මහතා අප කළ විමසීමකදී පැවසූවේ ලක්ෂිකා මධුමාලි ක්‍රීඩිකාවට බර ඉසිලීමේ ජාත්‍යන්තර තරග කිහිපියකට ඉදිරියේදී යෑමට අවශ්‍ය වූවද, ඒ සඳහා ඇයට මුදල් නොමැතිවීමෙන් අසරණ වී සිටින බව දැනගත් ගම්මානයේ යෞවන යෞවනියන් මුදල් උපයාදීමේ උතුම් කාර්යයට මැදිහත් වී සිටීම රටටම ආදර්ශයක් බවයි. 

අයි.පී. සුසන්ත ප්‍රේමරත්න සහ එස්. ඉනෝකා චාන්දනී ලක්‍ෂිකාගේ මව්පිය දෙපළ වන අතර පියා වඩු කර්මාන්තයේ නිරතව සිටියි.
ලක්ෂිකාට අනුග්‍රාහකත්වය ලබාදීමට කැමති පිරිස් වෙතොත් ඒ සඳහා සම්බන්ධීකරණය කරදීමේ කටයුතු සිදු කිරීමට 'අද' පුවත්පත බැඳී සිටියි.

DSC_0982 copy

පාස්පෝට් හදා ගන්නවත් අම්මට, තාත්තාට සල්ලි දෙන්න තිබුණේ නැහැ - බර ඉසිලීමේ ක්‍රීඩිකා අයි.පී. ලක්‍ෂිකා මධුමාලි

"මම බර ඉසිලීමේ ක්‍රීඩාව දියුණු කරගත්තේ කායවර්ධන උපකරණ කට්ටලයකින්. ඒක අරන් දුන්නේ වැලිකන්ද ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයේ රියදුරු කැලුම් මහතා.මැලේසියාවේ තරගයට යන්න පාස්පෝට් හදා ගන්නවත් අම්මට, තාත්තාට මට දෙන්න සල්ලි තිබුණේ නැහැ. ඇඳුම් ගන්න, සපත්තු ගන්න උදව් කළේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අය. මහවැලි අධිකාරියත් ක්‍රීඩා නිලධාරී කැලුම් සර්ගේ යාළුවොත් එදා මට ඒ ගමනට උදව් කළා. නමුත් ඉදිරියේ පැවැත්වෙන තරගාවලිවලට යන්න මට සල්ලි නැහැ.

මම යෞවන සමාජයට බැඳුනට පස්සේ ග්‍රාම සේවක චමින්ද මහතා මේ බව දැනගෙන මගේ යාළුවොත් එක්ක ග්‍රාම සේවක මහත්තයාත් සෙවණපිටිය නගරයේ හිස් අරක්කු බෝතල් අහුලන්න පටන්ගත්තා. ඉදිරි දිනවලත් අපි නිවාඩු දවස්වල සල්ලි සොයා ගන්න හොඳට වැඩ කරමු කියලා ග්‍රාමසේවක මහත්තයා කීවා. ඒක මට ලොකු සතුටක්. මගේ අරමුණ 2020දී ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන එක"

DSC_0968 copy

මනම්පිටිය නිමල් ජයරත්න

 

 

 

 

හිස් බෝතල් අහුලා ඔලිම්පික් යාමට වෙරදරන ලක්‍ෂිකා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by janatha anura on (2017-04-21 01:07:40)

නීතිමය ප්‍රශ්න නැති නම් මෙවැනි කටයුතු සඳහා අරමුදලක් ලංකාදීපයෙන් ආරම්භ කරන්නේ නම් අපි සැවොම දායක වෙමු. 

Posted by Sirinimal Peiris on (2017-04-21 23:10:56)

Kindly let me know her bank account details please.

Posted by Naveen on (2017-04-20 14:50:11)

Please provide her bank account details

Posted by janatha anura on (2017-04-21 01:07:40)

නීතිමය ප්‍රශ්න නැති නම් මෙවැනි කටයුතු සඳහා අරමුදලක් ලංකාදීපයෙන් ආරම්භ කරන්නේ නම් අපි සැවොම දායක වෙමු. 

Posted by Sirinimal Peiris on (2017-04-21 23:10:56)

Kindly let me know her bank account details please.

Posted by Naveen on (2017-04-20 14:50:11)

Please provide her bank account details

Posted by janatha anura on (2017-04-21 01:07:40)

නීතිමය ප්‍රශ්න නැති නම් මෙවැනි කටයුතු සඳහා අරමුදලක් ලංකාදීපයෙන් ආරම්භ කරන්නේ නම් අපි සැවොම දායක වෙමු. 

Posted by Sirinimal Peiris on (2017-04-21 23:10:56)

Kindly let me know her bank account details please.

Posted by Naveen on (2017-04-20 14:50:11)

Please provide her bank account details

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :