කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පූජා කළ දුටුගැමුණු මහා රජතුමා විසින් ඉරහඳ පවතිනා තුරු කඳසුරිඳුන්ට පුද පූජාවන් පැවැත්වීම පිණිස රාජකාරිකරුවන් 555 දෙනෙකු පත්කළ බව ජනප්රවාදයේ කියැවේ.
wමෙම රාජකාරි කරන පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා ගොඩමඩ ඉඩකඩම් ලබාදුන් දුටුගැමුණු මහා රජතුමා විසින් දේවාලයේ පැවැත්ම සඳහා ඉඩ කඩම් බදු දීමටත්, එම
ආදායමෙන් දේවාලයේ පෙරහර මංගල්‍යයන් සිදුකර දේවාලයේ පැවැත්මට අවශ්‍ය වියදම් පියවා ගැනීමටත් ක්‍රියා කරන ලෙස නියෝගයක් පනවනු ලැබීය.
එදා සිට අද දක්වා වසර 2244ක් පුරා කතරගම මහා දේවාලයේ පුද පූජා පවත්වා රටට, ජාතියට, රටවැසි ජනතාවට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරයි.
රුහුණු කතරගම මහා දේවාලයේ සිදු කෙරෙන සියලු චාරිත්‍ර සිදු කරනු ලබනුයේ පිරිමි පුද්ගලයන් විසින් වන අතර, මොවුන්ට අමතරව කඳ කුමරුන්ගෙන් වරම් ගෙන සෑම පූජාවකටම දෙවියන්ට දීර්ඝ ආයුෂ වඩන ස්ත්‍රී පාර්ශ්වයේ 12 දෙනකුද සිටිති. මෙම පිරිස ආලත්ති අම්මලා ලෙසින් හඳුන්වයි.
ආදිවාසීන්ගේ පෙනුමට සමාන ඇඳුමින් සැරසෙන මෙම පිරිස දේවාලයේ පැවැත්වෙන උදෑසන 4.00 පූජාවටත් සවස 6.00ට පැවැත්වෙන පූජාවටත් එක්වෙන අතර, සතියකට වරක් සෙනසුරාදා පැවැත්වෙන නානුමුර මංගල්‍යයටද මෙම ආලත්ති අම්මලා එක්ව පූජාවට සහභාගි වේ.
දෙවියන්ගේ පූජාව පැවැත්වෙන අවස්ථාවේදී ප්‍රථමයෙන් මෙම ආලත්ති පූජාව පැවැත්වෙන අතර, දෙවියන්ගේ තිරය අසල සිටින කපු මහතා විසින් මෙම ආලත්ති අම්මාලට පහන් තිරයක් ලබාදීම සිදු කරයි. එම පහන් තිරය දල්වා ගන්නා ආලත්ති අම්මලා පහනත් රැගෙන දේවාලය පිටුපස ඇති දේව මාලිගයේ පිටුපස %‘වට්ඨාරම’ නම් ස්ථානයට පැමිණ දෙවියන්ට ආශීර්වාද කවි කියමින් දැල් වූ පහන් කරකවමින් නළලට අත තියා දෙවියන්ට දීර්ඝායුෂ ලැබීමට ප්‍රාර්ථනා කරයි. පසුව නැවත මෙම ආලත්ති අම්මලා දේවාලයට පැමිණ දේවතිරය අබියස සිටින කපු මහතා ඉදිරියේ නැවත පහන් කරකවා දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර නික්ම යයි.
මොවුන් සඳහා දේවාලයෙන් වසරකට වරක් රාජකාරි වැටුප ලෙස රුපියල් දෙකයි ශත 80 වැටුපක් ලබාදෙන අතර, මෙම ආලත්ති අම්මලාට සිය රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් වී සහල්ද ලබාදේ.
මෙම ආලත්ති අම්මලාගේ ප්‍රධාන ආලත්තා අම්මා වන එච්.එම්.පොඩි මැණිකේ මාතාව අප සමග මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.
&‘අපි මේ රාජකාරිය ඉතාම පිරිසුදුව සිදුකරනවා. කතරගම දෙවියන්ට සිදු කරනු ලබන සෑම මංගල්යකදීමත්, කප් සිටුවීමේ මංගල්‍යයට, ඇසළ පෙරහරට, දිය කැපීමේ මංගල්‍යයට, ඉල්මහා පෙරහරට, අවුරුදු මංගල්‍යයට යන ප්‍රධාන අවස්ථාවන්ට අමතරව සෑම දිනකම දෙවියන්ගේ පූජාවට අපි එක්වෙනවා.
මෙයින් අපි කරන්නේ දෙවියන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කිරීමයි. අතීතයේ රජතුමාටද මේ වැනි අයුරින් කිරි අම්මලාවරුන් පැමිණ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කළා. එම කාර්ය දෙවියන්ටත් සිදු කිරීමට දුටුගැමුණු මහා රජතුමා රජු අණ කළා. එය තමයි අදත් අපි මේ කරන්නේ.
මේ සම්බන්ධව අදහස් දැක් වූ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා මෙසේ පැවසුවේය.
&අතීතයේදී කතරගම දෙවියන් වල්ලි දෙවඟන හා විවාහ වූ අවස්ථාවේදී වල්ලි දෙවඟන කුඩා කල සිට හදා වඩාගත් වැදි ජනයා හඬා වැටෙමින් කතරගම දෙවියන්ගෙන්
ඉල්ලා සිටියේ තම වරිගයටත් දෙවියන්ට සිදු කිරීමට කුමන හෝ රාජකාරියක් ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම පිරිසට දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට සහාභාගි වී දෙවියන්ට ආශීර්වාදය කරන්න අවසරය ලබා දුන්නා. ඒ අනුව මෙම ආලත්ති අම්මලා දේවාලය ඇති කළ දා පටන් මෙම රාජකාරිය ඉටුකරනවා.
මෙම ආලත්ති පූජාව සඳහා කැපව සිටින මවුවරුන් මැදිවිය ගත කරනු ලබන අය වන අතර, සෑම සතියකටම වරක් දේවාලයේ සිදු කරනු ලබන බෝධියේ නානු මුර මංගල්‍ය සඳහා මැණික් ගඟෙන් පැන් රැගෙන ඒම මොවුන්ට භාර රාජකාරියකි. සෑම වසරකටම වරක් බුත්තල දෙවියන්ගේ වෙළෙන්දන් විසින් රැගෙන එනු ලබන වී, සහල් කර දේව දානයට ලබාදීම මෙම ආලත්ති අම්මලා විසින් සිදු කළ යුතු තවත් කාර්යකි.
කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් තුළදී දෙවියන් වැඩම වන හස්ති රාජයා අබියස ඉදිරියෙන් ගමන් ගන්නා මෙම ආලත්ති අම්මලාගේ පූජාව අදටත් දැකිය හැක්කේ කතරගම පුද බිමේදී පමණි.
මවගෙන් දියණියට වශයෙන් මෙම නිල රාජකාරිය ඉදිරියට යන අතර, මාසයකට දෙදෙනා බැගින් බෙදී මෙම පූජාව සිදු කිරීමට ආලත්ති අම්මලා කටයුතු කරති. මෙම ආලත්ති අම්මලා වෙනුවෙන් දේවාලයේ කුඹුරුවල වී අස්වැන්නෙන් කොටසක් සෑම මංගල්‍යයකදීම ලබාදීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමා ක්‍රියා කරයි.
කතරගම - සන්දිම දේවප්‍රිය