වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසම් වල සිටින නිර්මාණකරුවන් හා විවිධ කුසලතාවන් ඇති අය සඳහා ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඩිජිටල් මාධ්‍යයක් ඇතිකිරීමත් ඒ අය සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ ත්සවයක් පසුගියදා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණි.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ සංකල්පයකට අනුව මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර එහිදී ඒ පිළිබඳ අදහස් රංගන සජීව මහතා මෙසේද පැවසීය.

"කලාව තුළින් ජනතාවගේ හරවත් දක්ෂතා සහිත නිර්මාණ ඩිජිටල් මාධ්‍ය  ඔස්සේ ඇඟිලි තුඩට ගෙන ඒම තුළ කලාවේ වඩා වැඩි ව්‍යාප්තියක් සහ ඩිජිටල් මාධ්‍යයට පුළුල් වූ දරුවන්ට හරවත් දෙයක් තිළිණ කිරීමත්, පවතින කොවිඩ් වසංගත තත්වයක් සමග නිවසට වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ නිර්මාණශීලී දුවා දරුවන්ගේ නිර්මාණ ෆේස්බුක් පිටුව හරහා ලෝකයට තිළිණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඩිජිටල් මාධ්‍ය හරහා ලෝකය ජයගත් ශ්‍රී ලාංකික දරුවන් පිළිබඳව තොරතුරු කොතෙක් ඇතත් ග්‍රාමීය ජනතාව හා ගමේ දූ දරුවන්ට එම අවස්ථාව හිමිවීමේ නැඹුරුතාව ඉතා අල්ප මට්ටමක තමයි පවතින්නේ .එම නිසා  වරකාපොල කොට්ඨාසය තුළ එවැනි අඩුපාඩු සහිත නිර්මාණකරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිල ෆේස්බුක් ගිණුමේ අවස්ථාව ඔවුනට ලබා දීමට අපි තීරණය කළා.

මෙම වැඩසටහන ඉතා කුඩා පියවරක් වන අතර ඉදිරි වර්ෂ වලදීත් මීට වඩා පුළුල්ව මෙම කාර්යභාරය ඉටු කිරීමට අපේක්ෂා කරනවා"යැයි ප්‍රාදේශිය ලේකම් රංගන සජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී චිත්‍ර ,කෙටි කතා , පද්‍ය රචනා යන අංශවලින් වසම් මට්ටමින් නිර්මාණ ලබාගත් අතර එහිදි තෝරාගත් ජයග්‍රාහකයින් වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණ.

මෙම උත්සවය සමාරම්භයේ දී ආරාධිත අමුත්තන් ඩිජිටල් තිරය මත පහන් දැල්වීම ද මෙහි විශේශත්වයක් වූ අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ළමා ආරක්ෂණ නිලධාරී විපුල ගුණවර්ධන මහතා විසින් ඩිජිටල් මාධ්‍ය තුළින් තුළින් දරුවාට වන බලපෑම පිලිබද  විශේෂ දේශනයක් ද පැවැත්විය.

0 comments

Leave a Reply

Post Comment