Uncategorized

අග්බෝව අරගෙන යන්න රැහේ එකෙක් ඇවිත්

මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහාරැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

Uncategorized

නිර්වින්දනය කළ හේලි නින්දේදිම ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ ’’ හේලි ’’ නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .

Uncategorized

සාපෙළට ඒ සාමාර්ථ 25ක් ගත් තුන් නිවුන් සොහොයුරෝ

ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .

Uncategorized

නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානය ලාංකිකයෙකුට

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර , එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Uncategorized

නෙදර්ලන්තයෙන් ආපසු දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

Uncategorized

රාවණා ඔඩිසි ලප් තැනම ලොප් ‌වෙයි

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.

Uncategorized

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටේ

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

Uncategorized

විදුලිය සැර වද්දවා දළ ඇතෙකු ඝාතනය කෙරේ

තන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.

Uncategorized

සමනල වැවේ කෘෂිකාර්මයට ජලය දෙන දොරටු විවෘත කරයි

ජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Uncategorized

උඩවලව වාන් දමයි

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.

Uncategorized

අධිවේගයේ රාජකාරී ආවරණයට හමුදාව කැඳවයි

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි

Uncategorized

පහරිය ජලාශය සුන්දර රටා මවමින් වාන් දමයි

පසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.

Uncategorized

අකුරණ නගරය ජලයෙන් යට වෙයි

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය 17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.

Uncategorized

කටුනායක පිටත්වීමේ පර්යන්තයට ස්වයංක්‍රීය නිශ්කාශන යන්ත්‍ර

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .

Uncategorized

කණිෂ්ඨ කායවර්ධන ලෝක ශූරතාවලියේ ලංකාව පළමුවරට නියෝජනය කළ තෙනුර රිදියෙන් ලංකාව බලබලවයි

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන 11/12 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Uncategorized

දරුණුම ලෝක කුසලාන පරාජයක් ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම පැමිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Uncategorized

ක්‍රිකට් බේරා දෙන්නැයි අම්බලන්ගොඩ උද්ඝෝෂණයක්

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.

Uncategorized

තුර්කි ගුවන් සේවය ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Uncategorized

තම පෞද්ගලික මුදලින් තරග කර ශ්‍රී ලංකාව දිනවන කායවර්ධන ශූරයා

කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.

Uncategorized

කඳුලින් සංවේදිව පොලීසියට සමුදුන් නි. පොලිස්පතිවරයා

නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

Uncategorized

දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් – චීන ජනපති

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

Uncategorized

යාපනයේ ඇඹුල් කෙසෙල් හා TEJC අඹ ව්‍යාපෘතිය සාර්ථකයි - තවත් අඹ වගාවන් සඳහා උනන්දු නොකළ යුතුයි

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා

Uncategorized

ලෝකාන්තයට යන පාරක් වසයි

පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා) වසා දැමූ බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.

Uncategorized

E shift Concept center කොළඹදී ඇරඹෙයි

විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.