දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන 11/12 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගාවලිය දකුණු කොරියාවේ වොන්ජු නගරයේ ඉකුත් 11/06 දින සිට 11/12 දින දක්වා ලෝකයේ රටවල් 60 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

 තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/12 දින රාත්‍රී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ මව , ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් සහ කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

0 comments

Leave a Reply

Post Comment