ඓතිහාසික අස්ගිරි මහාවිහාරයේ ගෙඩිගේ රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි වසර 750ක් පමණ ඉපැරණි බෝධිය කඩා වැටී තිබේ.

අද (12) දහවල් මෙම බෝධිය කඩා වැටී අතර අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් පවසා සිටියේ විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක පිහිටි මෙම බෝධිය කඩාවැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට සීරීමක් හෝ සිදුවී නොමැති බවත් මහා විහාර පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලකට හෝ අලාභානියක් සිදු නොවීම හාස්කමකින් සිදුවූවක් බවයි.

 

0 comments

Leave a Reply

Post Comment