ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් , පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම තරග 9ක් ක්රීඩා කර අතර ජය ගත්තේ තරග දෙකක් පමණි.
ඒ් අනුව කණ්ඩායම් 10ක් අතරින් ශ්රී ලංකාව 9 වැනි ස්ථානයේ රැදී සිටියි. ශ්රී ලංකාවට පහතින් සිටින්නේ නෙදර්ලන්තය වන අතර ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව තිබේ.
Leave a Reply