Ø  Base 1 ආයතනයේ ආරම්භය ගැන කතා කළොත්?

Base 1 කියන සමගම ආරම්භ කළේ 2018 පෙබරවාරි 22වැනිදා. ඔක්තෝබර් වෙද්දී අපිට ලයිසන් එක ලැබුණා. 2018 දී අපි රුමේනියා යැව්වේ දෙන්නයි. විශාල කැපකිරීමක් කරලා Base 1 ආයතනය දැන් තිබෙන තත්ත්වයට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා.

Ø  ආරම්භයේ සිට මේ දක්වා කොපමණ පිරිසක් ඔබ ආයතනය හරහා විදේශගත වී තිබෙනවාද?

2019 ඉඳන් 2023 කාලය ඇතුලත අපිට 1,000කට වඩා වැඩි පිරිසක් රට යවන්න පුළුවන් වුණා. ඒ කාලය ඇතුලත කෝවිඩ් වසංගතය තිබුණා. ඒ වගේම, තානාපති කාර්යාලයේ ප්‍රශ්නයක් ඇතිවෙලා මාස 03ක් එම්බසි වැඩ කළේ නෑ. මේ වගේ අභියෝගවලට අපි හැමදාමත් මුහුණ දෙන්න සූදානම්. අපිව විශ්වාස කරලා තමන්ගේ අනාගතය දියුණු කරගන්න අපේ ආයතනයට සම්බන්ධ වෙලා ඉන්න රැකියා අපේක්ෂකයන් වෙනුවෙන් අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා.

Ø  ඔබ දැන් රුමේනියා විතරද යවන්නේ?

ඔව්, දැන් රුමේනියා විතරයි යවන්නේ. අපි හොංකොං, කුවේට්වලට යැව්වා. මාලදිවයිනට යැව්වා. මේ හැමදේම බැලුවා. මම පොඩියට ඉඳලා ආපු කෙනෙක්. අපි අධ්‍යයනය කරලා බැලුවාම රුමේනියා ගියපු අයගේ ප්‍රතිචාර හොඳයි. අනෙක් කාරණය, ඒ රටේ ජීවන රටාවත් හොඳයි. ඒ වගේම, මානව හිමිකම් හොඳටම තියෙන රටක් ඒක. අපේ අත්දැකීම් එක්ක අපිට පහසුවෙන් රුමේනියා රැකියා වෙළෙඳපොළ කළමනාකරණය කරන්න පුළුවන්.

අපි මුල ඉඳලම අවධානය යොමු කළේ නිපුණතාවයට. ඒකෙදිත් අපි ලොකු අවදානමක් ගත්තේ. අපි පොඩි ව්‍යාපාරයක්. පටන් ගන්න කාලයේ ලොකුවට මිනිස්සු යවන්න බෑ. ඒ වෙලාවේ අපිට 34දෙනෙක් රුමේනියා යවන සම්පූර්ණ කොන්ත්‍රාත්තුවම ලැබුණා. ඒකෙදි අපි අපේ ආයතනයට ලැබුණු ලාභයෙන්, මුදල් ගෙවාගන්න නොහැකි වූ 18දෙනෙක් යැව්වා. ඒ යැව්වේ ඔවුන්ට ලැබෙන පඩියෙන් අය කරගන්න. අන්තිමේදී යම්තාක් දුරට සාර්ථක වුණා. ඒ විදියට තමයි, අපි මේ ව්‍යාපාරයට පළමු වැනි අඩිය තිබ්බේ.

රුමේනියාවේ පඩිය හොඳයි. කෑම, බීම, නවාතැන් පහසුකම් සියල්ල දෙනවා. අනෙක් කාරණය, ඒ අයගේ කම්කරු කාර්යාලයෙන් ඉඳල හිටලා සයිට් එක බලන්න එනවා. ඒ සියල්ල හොඳ නිසා අපි 100෴ක් අවධානය යොමු කරන්න කටයුතු කළා රුමේනියාවලට.

Ø  මේ ව්‍යාපාරය තුළ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

ඔව්, එක් සුවිශේෂී සිදුවීමක් තියෙනවා. මේක බිස්නම් එකක් තමයි. ඒත් එක සිද්ධියක් කියන්න අවශ්‍යයි. අනුරාධපුරයේ ළමයෙකුට වීසා ලැබුණා. දෙවැනි අවුරුද්දේ තමයි, මේක වුණේ. ඒ ළමයා ඇවිල්ලා මට වැඳලා ගියා. ඒ සිදුවීම මට මාර විදියට හිතට වැදුණා. ඒ කියන්නේ වැඳුම් ලබන්න තරම් මම මොනවද කරන්නේ කියලා මම කල්පනා කළා. ඒ ගැන හිතුවා මම. ඇත්ත කතා කළොත් ඒ තරම් වැදගත් සේවයක් තමයි අපි කරන්නේ. අපි වැරදි කළොත් ඔවුන්ගේ වෘත්තිය ජීවිතය කඩා වැටෙනවා. අපි පාර පෙන්වනවා. මොනවාද තියෙන්නේ කියලා අපි විතරයි දන්නේ. එයාල අපි පෙන්වන පාරේ යනවා. ඒ නිසා අපිට වැරදි කරන්න බැහැ. ඒ නිසා එදා ඉඳන්ම අද වෙනකල් අපි මාසික පඩිය ඩොලර් 400ට අඩුවෙන් කිසිම කොන්ත්‍රාත්තුවක් ගන්නේ නැහැ. අඩුම ඩොලර් 550ක් වෙන්න අවශ්‍යයි. ඒ ගාණට ගියොත් තමයි, රුපියල් ලක්ෂ එකහමාරක්වත් ලැබෙන්නේ. 

Ø  දැනට විශේෂයෙන් ඔබ යවන රැකියා ක්ෂේත්‍ර මොනවාද?

ඉදිකිරීම්, කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර තමයි. ඒකෙත් දැනට තියෙන ලොකුම ඕඩර් එක වෑල්ඩින් ශිල්පීන්. ඒක යවන්නේ ඩොක්යාඩ් එකට. ඒ අයට ඩොලර් 800 සිට ඩොලර් 1,200ක් දක්වා මාසික පඩියක් ලැබෙනවා. ඒ කියන්නේ, අවම වශයෙන් මූලික පඩිය රුපියල් 265,000ක් විතර ලැබෙනවා.  

මුලදී අපේ පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් වගේ තමයි, තෝරා ගැනුණේ. දැන් ගොඩක් දුරට දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තෝරා ගැනෙනවා. අපි මෙතනට එන සියලු දෙනාවම ෆිල්ටර් කරලා තමයි ගන්නේ. සුදුසුකම් මදි නම් ඒ ළමයින්ට අපි කියනවා, ගිහින් පුහුණුවක් ලබලා එන්න කියලා. ඒ නිසා අපි හොඳටම සුදුසුකම් තියෙන අය දාන නිසා තෝරා ගැනීමට තියෙන අවස්ථාව වැඩියි. අනෙක් කාරණය, අපේ දත්ත පද්ධතියක් තියෙනවා. ඒ ඒ පාඨමාලාවන් කරන්න කොහේටද යන්න අවශ්‍ය කියලා අපි දන්නවා. කවුරුහරි ඇවිල්ලා මට බැකෝ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න අවශ්‍යයි කියලා කිව්වොත්, අපි දන්නවා මේ ආයතනය පාඨමාලාව කරනවා කියලා. ඒ වගේම, රජයේ මොනවගේ ආයතනවලින්ද මේක කරන්නේ කියලා අපි දන්නවා. ඒ වගේ සුදුසුකම් මදි ළමයින්ව අපි ඒ අදාල පාඨමාලා කරන්න යොමු කරනවා.

Ø  Base 1 ආයතනයේ සුවිශේෂීත්වය මොකක්ද?

ශ්‍රී ලංකාවේ ඒජන්සි 850ක් විතර තියෙනවා. ඒ සියලුදෙනාම ලයිසන් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඔබ ඕනෑම ආපනශාලාවකට ගියත් එකම කෑමනේ ලැබෙන්නේ. ඒත් මොකකින්ද වෙනස් වෙන්නේ? රසයෙන් තමයි, වෙනස් වෙන්නේ. මගේ රසය තමයි, මම මගේ සේවාදායකයන්ට ආදරෙයි. විශේෂයෙන්ම කියනවා නම්, ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒ මගේ මිනිස්සු, මගේ සහෝදරයෝ කියන හැඟීම මා තුළ තියෙනවා. අපිට මේ වැඩ කරද්දි සමාජීය වගකීමකුත් තියෙනවා.

Ø  අමාරුවේ වැටෙන්නේ නැතිව විදේශගත වීමට කෙනෙක්ට මොනවද දෙන්න පුළුවන් උපදෙස්?

ඒජන්සිය විශ්වාසද කියලා බලන්න ක්‍රම ගොඩක් තියෙනවා. පළමු වැනි දේ තමයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඒ ආයතනයට ලයිසන්ස් තියෙනවාද කියලා බලන්න. ඒත් ලයිසන්ස් තිබුණත්  අදාළ රටට යවන්න ජොබ් ඕඩර්ස් තියෙනවාද බලන්න. ඒක කොපමණ දුරට වලංගුද කියලා බලන්න. මම එන සියලු දෙනාට පෙන්වනවා, ඒක පරීක්ෂා කරලා බලන විදිය. අපි කරලා තියෙන බිස්නස් ප්‍රමාණය බලන්න. අපි කොච්චරක් යවලා තියෙනවාද බලන්න. අනෙක් කාරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කෝල් කරලා බලන්න පුළුවන්, මේ ඒජන්සි එක හොඳයිද කියලා. ඒ වගේ අපේ ආයතනය ගැනත් කමෙන්ට් එකක් ගන්න.

අපි මේ ආයතනයෙන් රට යන්න බලාගෙන එන අයට කියන්නේ, මේක දෙපාර්ශ්වයටම ජයග්‍රහණයක් ලැබෙන WIN WIN අවස්ථාවක් කියලයි. ඒ කියන්නේ, ඔයාටත් දිනන්න අවශ්‍යයි. අපිටත් දිනන්න අවශ්‍යයි. අපි දෙන්නම එකතුවෙලා තමයි, මේ ගමන යන්නේ. අපි ඩොලර් 550යි කියලා ගිවිසුම ගැහුවාම ඇත්තටම යන පුද්ගලයාට අතට ඒ ගාණම ලැබෙන බව අපිට සහතික කරන්න පුළුවන්.

Ø  Base 1 ආයතනය හරහා විදේශගත වීමට වැඩි දෙනෙක් පෙළඹෙන්නේ ඇයි?

අපිට Base 1 Consultancy කියලා යූ ටියුබ් චැනල් එකක් තියෙනවා. ඒකට ගිහින් බලන්න පුළුවන් වීඩියෝ 2,500ට වැඩි ප්‍රමාණයක් තියෙනවා. කවුරු හරි රට යන්න එන කෙනෙක් Base 1 ආයතනයට ආවම මහා විශාල ලිපිගොනු පුරවන්න අවශ්‍ය නැහැ. අපි ලින්ක් එකක් දෙනවා, ඒකට ගිහින් ඒකේ තියෙන ෆෝම් එකට ඔන්ලයින් පුරවන්න පුළුවන් තමන්ගේ තොරතුරු. අපේ කාර්යය මණ්ඩලයේ සෑම කෙනෙකුටම ඒකට ලොග් වෙන්න පුළුවන්. ඒ අය තමයි, ෆයිල් එක ඉදිරියට ගෙනියන්නේ. 2023 සැප්තැම්බර්වල සිට මේ සිස්ටම් එකට තමයි, අපි වැඩ කරන්නේ. අපේ සුවිශේෂීත්වය වගේම, අප ආයතනය වෙත වැඩි පිරිසක් විශ්වාසයෙන් යොමුවීමට මේ කරුණු බලපානවා.

Ø  අවසන් වශයෙන් ඔබට විශේෂයෙන් කියන්න තියෙන්නේ මොනවාද?

රට යන එකේ ගොඩක් ප්‍රයෝජන වගේම, වාසි තියෙනවා. ඇත්තටම මේ රටේ විශාල ප්‍රමාණයක් ඒජන්සීස් තියෙනවා. ඒ වගේම, පුද්ගලිකව රට යවන පුද්ගලයිනුත් ඉන්නවා. ඒ නිසා අපිට හරි ක්‍රමයට රට යවන ආයතනයක් සොයාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ රට යන්න අදහස් කරනවා නම්, ජාවාරම් කරුවන්ට හසු නොවී වගකීමෙන් යුතු විදේශ රැකියා ආයතනයකට පමණක් යොමු වෙලා ඔබේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගන්න කියලා අවධාරණයෙන් කියන්න කැමතියි.

0 comments

Leave a Reply

Post Comment