කාන්තාවක් යනු අතිශය කාර්යබහුල චරිතයකි. එනිසාම ඔබට හැඩවැඩ වීමටද වැඩි කාලයක් වැය කිරීමට නොහැකිවිය හැක. එහෙයින් පහසුවෙන් හැඩවීමට, ඔබේ කටයුතු පහසු කරගැනීමට ඉතා පහසු උපක්‍රම කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අප සිතුවෙමු.
01) පහසුවෙන් අයි ලයිනර් අඳින්නේ කොහොමද?
i) පියවර
ඉරේසරයක් (රබර් කැබැල්ලක්) ගෙන එහි කොණක් දිග හැඩයට කපා ගන්න.
ii) පියවර
කොට්න් බඩ් එකක ගම් ගා ඒ රබර් කැබැල්ල අලවා ගන්න.
iii) පියවර
අයි ලයිනර් පෙන්සිල් එකකින් රබර් කැබැල්ල පාට කරගන්න.
iv) පියවර
ඉන් පසු එය ඇස කෙළවරේ සිට ඇස මුලට අඳින්න.
02) නිවසේදී කොණ්ඩය කර්ල් කරන්නේ මෙහෙමයි
i) පියවර
හෙඩ් බෑන්ඩ් එකක් පැලඳ ගන්න.
ii) පියවර
ඉන් පසු හිසකෙස් කොටස් කොටස් ගෙන හෙඩ් බෑන්ඩ් එකේ මේ අයුරින් කරකවා ගන්න.
iii) පියවර
වතුර ස්වල්පයක් ස්ප්‍රේ කරගන්න.
iv) පියවර
පැය කිහිපයක් තිබෙන්නට හරින්න. (ඔබ නින්දට යාමට පෙර මෙය සිදු කිරීම වඩාත් සුදුසු වේ)
v) පියවර
හෙඩ් බෑන්ඩ් එකේ එතූ කොණ්ඩය ගලවා ගන්න. මෙලෙස ඔබේ කොණ්ඩය අලංකාරව කර්ල් වී තිබේවි.
03) පහසුවෙන් මේකප් ඉවත් කරගන්නේ මෙහෙමයි
i) පියවර
කප් එකකට වතුර ස්වල්පයක් දමන්න
ii) පියවර
එයට පොල් තෙල් ස්වල්පයක් එකතු කරන්න.
iii) පියවර
බේබි වොෂ් ස්වල්පයක් එකතු කරන්න.
iv) පියවර
හොඳින් කලවම් කරන්න.
v) පියවර
ලොකු පුළුන් කැබැල්ලක් බඳුන තුළට දමන්න.
vi) පියවර
ඉන් පසු ඔබට ඒ පුළුන් මගින් දිනපතා මේකප් ලෙහෙසියෙන් ඉවත් කරගැනීමට හැක.
04) පහසුවෙන් නිය අලේපන ඉවත් කරගන්නේ මෙහෙමයි
i) පියවර
ස්පොන්ච් කැබැල්ලක් බෝතලයක් තුළට දමන්න.
ii) පියවර
ඉන් පසු ඒ බෝතලයට නේල් පොලිෂ් රිමූවර් දමා ගන්න.
iii) පියවර
ස්පොන්ච් කැබැල්ලේ නියපොතු පිරිමැදීමෙන් නිය ආලේපන පහසුවෙන් ඉවත් කරගත හැකිය.