''තම හැකියාව දක්ෂතාවය පමණක් නොවෙයි සාර්ථකත්වයට වඩාත් වැදගත් වන්නේ උනන්දුවයි.. උත්සාහයයි.. මම අද මගේම ව්‍යාපාරයක් පටන්ගෙන සතුටින් ඉන්නවා...''
රන්මල් ප්‍රඩක්ට්ස් ආයතනයේ අධිපතිනිය, ශලිනි රන්මල් අබේවර්ධන සිය ජයග්‍රහණයේ රහස හෙළිකරමින් එසේ පැවසුවාය.
කොළඹ, පිටකෝට්ට, තලවතුගොඩ පාරේ අංක 213/A ලිපිනයේ පිහිටි රන්මල් ප්‍රඩක්ට්ස් ආයතනය පියකරු එකකි. ශලිනි මෙම ව්‍යාපාරය තුළින් කාන්තාවන් පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ. එහිදී චීස් පුඩින්, බිස්කට් පුඩින්, චොක්ලට් පුඩින්, මැන්ගෝ කස්ටඩ්, ජෙලි යෝගට්, වටලප්පන්, අයිස්ක්‍රීම්, කැරමල් පුඩින් යනාදිය නිෂ්පාදනය කරන අයුරු දැකගත හැකි විය.
සියලු දේ ශලිනි මහත්මියගේම අධීක්ෂණය යටතේ නිදපවීම විශේෂත්වයකි.
'බිෂොප් විද්‍යාලය, සෙන්ක්ලෙයාර් විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය මම ඉගෙනගත් පාසල්. මගේ අම්මා ස්වර්ණා අබේවර්ධන. එයා ප්‍රසිද්ධ සූපවේදිනියක්. පොඩි කාලෙ ඉඳලම මේ දේවල් දකින්න ලැබුණා. ඒ අභාසය මටත් ආවා. මම කලක් මොන්ටිසෝරියකුත් කළා.
ඊට පස්සෙ මගේම මේ ආයතනය පටන්ගත්තා. මෙයින් ලැබෙන ආදායම ඉතාම හොඳයි. කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් වලට මෙන්ම ප්‍රධාන පෙළේ පාසැල් කීපයකටම මෙම පුඩින් වර්ග සපයනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. ආනන්ද, රෝයල්, තර්ස්ටන්, කේරි යන විදුහල්වල කැන්ටින්වල තියෙන්නේ මගේ පුඩින් වර්ග.
මේ ව්‍යාපාරවල සාර්ථකත්වය පසුපස ඉන්නෙ මගේ මගේ පුතා තිසුර. එයා මැලේසියාවේ -මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙක්. දැනට හේලීස් ආයතනයේ විධායක තනතුරක රැකියවා කරනවා. එයා තමයි මට මාකටිංවලට උපදෙස් දෙන්නේ. හැම වෙලාවෙම මට උදව් කරනවා.
මම හැමවෙලාවෙම හිතන්නේ කාන්තාවන් වුණාම ඉතා පිරිසුදුවට ඉන්න ඕන. ලස්සට ඉන්න ඕන. කාටවත් කරදරයක් නොවන විදියට ජීවත්වෙන්න ඕන කියන එකයි. මම සමස්ත කාන්තාවන්ට කියන්නෙ හිත ඇත්නම් පත කුඩාද කියන ප්රස්ථා පිරුළ පූර්වාදර්ශයක් කරගන්න කියලයි. ජීවිතයේ එල්ල වන හැම අභියෝගයකටම සිනාසිසී මුහුණදෙන්න''
ඇයගේ මෙම දිරිය ගමනට 'අද' අපි සුබපතන්නෙමු.