www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
විවාහක කාන්තාවන්ගේ සුන්දරත්වය මැන බැලීම සඳහා දහනව වැනි වරටත් පවත්වනු ලැබූ Mrs Globe 2015 අන්තර්ජාතික තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ලෙබනනයේ වාස්තු විද්‍යාඥවරියක වන සිල්වියා යැමින් සමත් වූවා. මෙවර චීනයේ පැවැති මෙම තරගාවලිය සදහා රටවල් 61ක් නියෝජනය කරමින් විවාහක රූ රැජිනියන් සහභාගි වී සිටියා.
උතුරු ලෙබනනයේ ජීවත්ව සිටින සිල්වියා හාර්වඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වීමද විශේෂත්වයකි. විවාහ වී සිටින අවුරුදු 25ත් 50ත් අතර කාන්තාවන්ගේ සුන්දරත්වය වාගේම ඔවුන්ගේ උගත් බවද මැන බලන මෙම තරගාවලියේ ජය තහවුරු කර ගනිමින් ඇය සඳහන් කර තිබුණේ ඇගේ ජයග්‍රහනය තුළින් කාන්තාවන් නායකත්වය කරා ගෙන යෑම සඳහා උනන්දු කිරීම අපේක්ෂා කරන බවයි.
මෙම තරගාවලියේ දෙවන ස්ථානය සත්කාරක රාජ්‍ය නියෝජනය කළ රූ රැජිනටද, තෙවන ස්ථානය රුසියානු රූ රැජිනටද හිමිවූවා. මෙරට නියෝජනය කළ රූමතිය වූ උදාරි වර්ණකුලසූරිය තරගාවලියේ කිරුළ අභියසටම පැමිණ සිටි අතර, ඇයට වසරේ කීර්තිමත් තරුවට හිමි අනු අංශ ජය හිමිවූවා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd