මංගල මොහොතට පා නැගූ සොඳුරු මනාළියන්
ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ 'මංගල මොහොත' මනාළියන් දැක්ම පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
jeval අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ මෙම මනාළියන් දැක්ම මෙරට මනාළියන් හැඩගැන්වීමේ ක්ෂේත්රයේ නවතම මානයන් ඉදිරිපත් කළ වේදිකාවක් බවට පත්ව තිබිණ. මෙරට සුප්‍රසිද්ධ මෙන්ම දක්ෂ රූපලාවණ්‍ය ශිල්පීන් වන රම්සි රහමන්, සුමුදු වසන්ත, ධයානාත් සිල්වා, ප්‍රදීපිකා මෙන්ඩිස්, රෝමණී ඩිමෙල්, කාන්ජනා ගොඩිගමුව, සුරේෂ් ප්‍රනාන්දු, තීක්ෂණී කාරියවසම්, ඉෂාන් ප්‍රියන්ත, චම්පා හිල්, කයාල්විලී ජයප්‍රකාශ්, සුදර්ශිනී සිල්වා, ෂලනි මදුරිකා, දයුරි තිලකවර්ධන, දුෂ්මන්ත කුමාර, සුදර්ශිනී වඩිවෙල්, සමන්ත හා ජොනි ගුණසේකර, සමන්ත ප්‍රනාන්දු, ඉමිතියාස් හුසේන්, තුෂාරා, සමන්ති හඳපාන්ගොඩ, භරත ඉන්දීර, ලකී ලියනගේ, රසිකා සමන්මලී, වරුණිකා සිල්වා, ලෝ චිං වොන් යන අය විසින් ඉදිරිපත් කරනු ලැබූ මනාළියන් 50 කට අධික සංඛ්‍යාවක් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
මේ එම සුන්දර මනාළියන් 'අද' කැමරාවේ සටහන් වු අයුරුයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

