ප්‍රංශ නව ජනපතිට වඩා අවුරුදු 25ක් වයසැති ඔහුගේ බිරිඳ
නිමාවූ ප්‍රංශ ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට එමානුවෙන් මැක්රෝන් සමත්විය. මැක්රෝන්ගේ ජයත සමගින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තතු පිළිබඳවද බොහෝ දෙනෙකු අවධානය යොමුකර තිබේ.
ඒ අතරින් ප්රමුඛ වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන බ්රිගිට් මැක්රෝන් පිළිබඳව කතාවයි.එමානුවෙල්ගේ පාසලේ ගුරුවරිය වූ බ්රිගිට්, මේ වනවිට ප්‍රංශයේ පළමු කාන්තාව එසේත් නැතිනම් ප්‍රංශ ජනපතිගේ ආර්යාවයි.
ප්‍රංශ ජනපතිවරයා 39 වැනි වියෙහි පසුවන අතර, ඔහුගේ ආදරණීය බිරිඳ බ්රිගිට් මැක්රෝන් 64 වැනි වියේ පසුවෙයි. ඔවුන්ගේ විවාහය සිදුවන්නේ 2007 වසරේදී වුවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව දිගු කාලයක් පුරා විහිදී යයි.
මැක්රෝන් 15 වැනි වියේ පසුවන විට එවකට 40 වැනි වියේ පසුවූ බ්රිගිට් සමග සබඳතා ආරම්භ කරයි.මැක්රොන්ගේ දිවිය පුරාවට ඔහුගේ ගුරුවරියක, සහායිකාවක, බිරිඳක හා උපදේශිකාවක ලෙස බ්රිගට් කටයුතු කර තිබේ.
'ඇය නොමැති මම මෙතැන නෑ' යැයි මැක්රෝන් ප්‍රංශ ජනපතිවරණය සඳහා පැවැති ඡන්ද විමසීමේ ජයග්රහණයෙන් අනතුරුව පැවැසීය.
බ්රිගිට් 1974 සිට 2006 දක්වා ඇන්ඩ්‍රේ ලුයිස් සමග විවාහ වී සිටි අතර ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. එසේම ඇයට මුණුබුරු මිණිබිරියන් සංඛ්‍යාව 07කි.
බ්රිගිට් ප්‍රංශයේ ධනවත් පවුලක උපත ලබන අතර ඇය හය දෙනෙකුගේ යුත් පවුලේ බාලය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

