පවුලක ප්‍රධානියා ස්වාමිපුරුෂයා, කුඹුරේ, කමතේ, වැඩපළේ රැකියාවෙහි නිරත වෙද්දී, ගෘහණියක ලෙසද, දයාබර බිරිඳක් ලෙසද, ආදරණීය මවක් ලෙසද, අද කාන්තාව සිදුකරනා අභිමානනීය මෙහෙය මිල මුදලකට සීමා කළ නොහැකිය.
එහෙත් ඈ විසින් තම දෑතේ ශක්තියෙන් මවනා රටා ගෙත්තම්, අත්කම්, නිපැයුම්වලට නම් මොනරකොළ තර කෙරෙනා කාලයක් අද වන විට තිස්සමහාරාම ළඳුනට උදාවී තිබීම සොම්නසට කරුණකි.
පාසැල් හැරගිය තරුණියන්, විවාහක කාන්තාවන්, විශ්‍රාමික සුවයේ වෙසෙන වැඩිහිටි මවුවරුන් සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ පාඨමාලා උපදේශිකා දිල්හානි තුෂාරි ජයවික්‍රම මහත්මිය විසින් පවත්වනු ලැබූ පාඨමලාවන් සඳහා සහභාගීවූ තිස්ස ප්‍රදේශයේ කාන්තාවන් රාශියක් මේවනවිට එය සාර්ථක ලෙස අවසන් කරමින් සිටී.
ඒ අනුව, මෙම ගැමි කතුනට නව ස්වයං රැකියා මාර්ගයන් රාශියක් මේ වනවිට විවර වී තිබේ.
තිස්සමහාරාම ගැමි කතුනගේ ආර්ථිකය සරිකරලන්නට සිදුකරනා මෙම සුවිශේෂී පාඨමාලාව පිළිබඳව අදහස් දැක්වූ පාඨමාලා උපදේශිකා දිල්හානි තුෂාරි ජයවික්‍රම මහත්මිය මෙසේ පැවසූවාය.
''කාන්තාවගේ දිරියෙන් පවුලේ ආර්ථිකය ජයගන්නට සිදුකෙරෙනා මෙම පාඨමාලාවන් අද වනවිට මුදල් මවනා කර්මාන්ත බවට ග්‍රාමීය ප්‍රදේශ ආක්‍රමණය කර තිබෙනවා.
දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ මෙහෙයවීමෙන් මෙම පාඨමාලා සිදුකරදීමට අනුග්රහයන් දක්වනවා. තිස්සමහාරාම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක වසන්ත දිසානායක මහතාත්, තිස්සමහාරාම ව්‍යාපෘති නිලධාරිනී පී.එච්. රූපනිකා මහත්මියගෙන්ද ලැබෙනා නොමද අනුග්‍රහය විශේෂයෙන්ම අගය කළ යුතු වෙනවා.
තිස්ස කාන්තාවෝ බොහෝම දක්ෂ ලෙස මෙම පාඨමාලා හැදෑරීම සිදුකරනවා. මාස 8ක කාලයක්, මෙම පාඨමාලාවන් හදාරා ස්වං රැකියාවන් සඳහා කතුන් දිරිගැන්වෙන නිර්මාණ සිදුකරනවා. මොවුනගේ අත්කම් නිර්මාණ අලෙවි කරලීමට අවශ්‍ය සුදුසු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය අද ඇතිවෙලා තියෙනවා. එම ඉල්ලීම ඉටුකරදෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී රිබන් එම්බ්‍රොයිඩර්, රිබන් මල් සෑදීම, හෑන්ඩ් බෑග්, මුදල් පසුම්බි, පොල්කටු ආශ්රිත නිර්මාණ, මැක්රම්, සුරතල් සතුන්, ටෙඩිබෙයාර්ස්, පන්ච් එම්බ්‍රොයිඩර්, පේපර් ටෝල්ට් නිර්මාණ, වූල් නිර්මාණ, බිත්ති සැරසිලි, මේස රෙදි, විසිතුරු දර්ශන, සාරි, ඇඳ ඇතිරිලි, විසිතුරු මල් පෝච්චි නිර්මාණය, මල් සැකසීම, පේපර් කුයිල් නිර්මාණය, එම්බ්‍රොයිඩර් වර්ග, කුෂන් කවර, ආදී විවිධ නිර්මාණ සෑදීමට මෙහිදී කතුනට අවස්ථාව උදාකරදී තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමටත් ප්‍රා‘යෝගික පුහුණුවක් ලබාදීමටත් මෙම නව ස්වයං රැකියා පුහුණුවේදී කටයුතු සිදු කෙරෙනවා.
ග්‍රාමීය කාන්තාවන් මෙම පුහුණුවීම් හරිහැටි සිදුකර අද වනවිට ස්වයං රැකියාවන් සිදුකර පවුලේ ආර්ථිකය සරි කරලන්නට මූලික අඩිතාලම දමා අවසන්.
ඒ තරමට මෙමගින් පුහුණුවූ කර්මාන්තයන් අද තිස්සමහාරාම ප්‍ර‘දේශයේ ව්‍යාප්තවී පවතිනවා. රැකියා පුහුණුව පමණක් නොව එහිදී ලබාගන්නා දැනුමින් තිස්ස කාන්තාවෝ කළාප තරගාවලින්ද ජයග්රහණයන් ලබා දක්ෂතා දක්වා තිබීමත් විශේෂත්වයක්'' යනුවෙන් පැවසූවාය.
මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවැසි නම් පාඨමාලා උපදේශිකා දිල්හානි තුෂාරි ජයවික්‍රම මහත්මියගේ 071 5 624 281 දුරකථන අංකයට අමතන්න.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක