සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම හා 'Women in Management' එක්ව කුඩා පරිමාණ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සංවිධානය කළ පුහුණු සැසියක් පසුගියදා පැවැත්විණි.
එම පුහුණු සැසිය ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් කොළඹ රේණුකා හෝටලයේදී පැවැති අතර, කුඩා පරිමාණයේ ගෘහ කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන 40කට අධික කාන්තාවෝ පිරිසක් ඊට එක්ව සිටියහ.
'7 Star Women empowering you for Tomorrow' ලෙස නම් කර තිබූ එම පුහුණු වැඩසටහන මගින් ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණුකර ගැනීමට අවශ්‍ය මූලික තොරතුරු හා දැනුම සපයන ලදී. ව්‍යාපාර කටයුතුවල නිරත කාන්තාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේදී සාකච්ඡා කළ අතර, එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුමද ඔවුන්ට ලබාදෙන ලදී. පුහුණු වැඩසටහන අවසානයේ ඊට සහභාගි වූ සෑම කෙනෙකුටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමිණි.
මේ පිළිබව අදහස් දැක්වූ වරකාපොළ සමුපකාරිකය නියෝජනය කරමින් මෙම පුහුණු සැසියට එක්වූ නිලන්ති මුතුගල මහත්මිය,
''මෙම වැඩසටහන අපට සැපයූ වටිනාකම් පිළිබඳව අපි සැබැවින්ම කෘතවේදීත්වය පළකරනවා. ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය ගැන වගේම සාමාන්‍ය කළමනාකරණ හැකියාවන් වැඩිකර ගන්නා ආකාරය පිළිබදවත් බොහෝ දැනුම මෙහිදී උකහා ගැනීමට අපට හැකියාව ලැබුණා.
සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම හා 'Women in Management' ආයතනය එක්ව මේ ආකාරයේ පුහුණු ඵලදායී සැසියක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ඔවුනට මගේ ස්තුතිය පිරිනමනවා. ග්‍රාමීය ප්‍රදේශවල සිටින කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් මෙම වැඩසටහන බිම්මට්ටම තෙක් රැගෙන යන මෙන් සංවිධායක කමිටුවෙන් ඉල්ලා සිටීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා'' යැයි පවසා සිටියාය.
මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධ වූ ඇතැම් කාන්තාවන් කුඩා පරිමාණ ආහාර වෙළෙඳසැල්, ආහාර අලෙවිසැල් හා බේකරි ආයතන පවත්වාගෙන යන අතර, සිය නිෂ්පාදන ප්රතිඵලදායී ලෙස හඳුන්වාදෙමින් සිය මෙහෙයුම් කටයුතු ක්‍රමවත් කර ගන්නා ආකාරය, අලෙවිය වැඩි කරගන්නා ආකාරය, වියදම් කළමනාකරණය පිළිබඳ බොහෝ දෑ ඉගෙනුමට එහිදී ඔවුන්ට හැකියාව ලැබිණි.
වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් SFMLහි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ඕලෙරී (Kevin OLeary) මෙලෙස පැවසීය.
''මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් 'Women in Management' වෙත අපගේ කෘතවේදීත්වය පිරිනමනවා. ඒ සමගම උත්සාහය හා කැපවීම පෙරදැරිව මෙම වැඩසටහනට සම්බන්ධ වු සියලු දෙනාටත් අපි අපේ ස්තුතිය පිරිනැමීමට කැමතියි. මේ පුහුණුව ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට දිගුකාලීන වශයෙන් ඵලදායී බලපෑමක් ගෙන දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.''
ශ්‍රී ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සමාගමක් වන සෙරන්ඩිබ් සමාගම, අල් ගුරයිර් ෆුඩ්ස් (AGF) හා එමිරේට්ස් ටේ්රඩින් ඒජන්සි (ETA) අතර වන හවුල් ව්‍යාපාරයකි. සමාගමේ '7 Star' සන්නාමය වසර 09කට අධික කාලයක් තිස්සේ පිවිතුරු, නව්‍යකාරක, විශ්වාසය, අන්තර්ගත ඉහළ ප්‍රමිතියෙන් යුතු විශේෂඥතාවෙන් සපිරි සේවාවන් සපයමින් ශ්‍රී ලංකා සමාජය පෝෂණය කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ අංක එකේ තිරිඟු පිටි නිෂ්පාදකයා බවට පත්වීමේ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක සෙරන්ඩිබ් සමාගම ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළද තම අවස්ථා පුළුල් කරගැනීමේ අභිලාෂය පෙරදැරිව සිය ව්‍යාපාරික වපසරිය පුළුල් කරමින් සිටියි. නවීන තනිරේඛීය ධාරිතාවේ තිරිඟු පිටි සමාගමක් ලෙස 2008 මැයි 28 වැනිදා කොළඹදී තම මෙහෙයුම් කටයුතු ඇරඹූ සෙරන්ඩිබ් සමාගම ISO 90001: 2008, ISO 14001: 2004 BS OHSAS 18001: 2007 හා ISO 22000:2005 නිර්ණායකයන්ට අනුව ඒකාබද්ධ කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කර ක්‍රියාත්මක කෙරේ.
පවතින නීති රෙගුලාසී, ජාත්‍යන්තර ප්‍රමීතීන් හා සංකේත ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන භාවිතාවක්, වෘත්තීය සෞඛ්‍යය හා ආරක්ෂාව, ආහාර සුරක්ෂිතාව යන සියලු කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් ඊට අනුගතව එම පද්ධතිය ක්‍රියාත්මක වේ.