තායිලන්ත රූ රැජිනක් තම දුප්පත් මෑණියන්ට දණ නමා ආචාර කරන අපූරූ ජායාරූප වාර්තාවක් මේ දිනවල ලෝකය පුරා ඉතා වේගයෙන් ප්‍රචාරය වේ. එම පුවතට සම්බන්ධ තරුණිය කවුරුන්දැයි කළ සොයා බැලීමකදී අපට අන්තර්ජාතික පුවත් වලින් වාර්තා වූයේ මෙම තරුණියට සිය කිරුළ අහිමි වීමේ තත්ත්වයක් වර්තමානයේ උද්ගතව ඇති බවයි. මෙම තායිලන්ත රූ රැජිනගේ නම ඛනිට්ථා මින්ට් පසේන්ග් නම් වෙයි.
17 හැවිරිදි ඇය පසුගිය මස තායිලන්තයේ පැවති Miss Uncensored 2015 තරගාවලියේ ජය තහවුරු කරගත්තාය. සිහිනයක් වන් රූ රැජින කිරුළ හිස දැරූ ඇය එම ජයග්‍රහණය ප්‍රථමයෙන් බෙදා හදා ගත්තේ ඇගේ මව සමගයි. ඛනිට්ථා හා ඇගේ මව ජීවිකාව පවත්වාගෙන යන ලද්දේ මංමාවත් වල කැළිකසළ එකතු කිරීමෙන් ලැබෙන මුදල් වලිනි.
පියා නොමැතිව වුවද ඇයට උගන්වා උස්මහත් කළ සිය මෑණියන්ට පාරක වුවද දණ නමා වදින්නට ඇයව පොළඹවන ලද්දේ ඇගේ මව ඇයට දෙවියන් හා සමාන නිසා බව ඇය සදහන් කර තිබුණි. මෙලෙස කසළ එකතු කරන දැරියක් රටක රූ රැජින බවට පත්වීමම අරුමයක් වන බැවින් මෙම පුවතට අන්තර්ජාතික අවධානය වැඩි විය.
කෙසේනමුත් පාසල් අධ්‍යාපනය පමණක් ලබා ඇති මෙම තරුණිය තරගයට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති බවත්, එම සුදුසුකම් පිළිබඳ ඇය අදාළ තරග අයදුම්පතේ ව්‍යාජ තොරතුරු සදහන් කර ඇති බවත් පවසමින් ඇගෙන් එම කිරුළ නැවත ලබාගැනීමට සූදානමක් පවතින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණි.