අද පත්තරෙන් මට ලැබුණ ත්‍යාගය පුදුම ත්‍යාගයක් - මධුභාෂිණී
"අද" Wedding Gift තරගයේ ජයග්‍රාහිකාව වූ මධුභාෂිණී මනාලියක්ව පවසයි
මම පෝස්ට් කාඩ් යැව්ව තරගයෙන් මම දිනුවා කියලා අද පත්තරෙන් කිව්වා. පත්තරේ දාලා තිබුණ දැන්වීම
අනුව මාව වෙඩින් එක දවසේ අන්දන්න පොරොන්දු වෙලා හිටියේ වෙන කෙනෙක්. එයා වෙඩින් එක ළංවෙලා මට අන්දන්න අදිමදි කළා.
නමුත් අද පත්තරෙන් මාව තනි කළේ නැහැ. රටේ ඉන්න ජනප්‍රියම හා දක්ෂතම රූපලාවන්‍ය ශිල්පීන් දෙදෙනෙක් වෙත මාව යොමු කරලා කලින් එක්කෙනා කරන්න පොරොන්දු වුණ දේවල්වලටත් වඩා හොඳට මට හැමදේම කරලා දුන්නා. මට පළමු දිනයේ සාරිය, දෙවන මනාලියන්ගේ ඇඳුම්, මල්කළඹ, දෙවැනි දිනයේ සාරිය, මල් කළඹ ඒ හැමදෙයක්ම මම වෙනුවෙන්ම මම කැමති විදිහට අලුතින්ම ලබාදුන්නා වගේම ඇඳුම් සියල්ල අලුත් විලාසිතා අනුව මසාදීමත් සිදුකළා.
මාව හැඬගැන්නුව චාන්දනී බණ්ඩාර මිස් වගේම චම්පි සිරිවර්ධන මිස් 100% ක්ම සාර්ථකව ඒ දේවල් හරිම උනන්දුවෙන් කරලා දුන්නා. මම චම්පි මිස්ටයි, චාන්දනී මිස්ටයි ස්තූතිවන්ත වෙනවා. මාසයක් වගේ වැනි කෙටි කාලයකින් මාව හැඩගන්වන කාර්යය භාරගෙන සුහදශීලීව හැමදෙයක්ම පොරොන්දු වුණ විදිහට කරල දුන්නට.
චම්පි මිස්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

