ළගදී විවාහ වෙන්න සිටී උපාධි අපේක්ෂිකාව කොමඩු ලොරියට බිලිය - පෙම්වතාටත් බරපතළයි
මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර, සේරුපිට, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දමුල්ලගේ උදේනි නිමේෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක බව සදහන් වේ.
ඇය කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන අවසන් වසරේ සිසුවියක් බවත්, ලබන 28 දා විවාහවීමට දින යොදාගැනිමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සදහන් වේ.
ඇය විවාහවීමට අපේක්ෂාවෙන් සිටි තරුණයා සමග ඊයේ (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිළදී ගනිමින් සිට ඇති අතර, කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි කොමඩු රැගත් ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
බරපතළ තුවාල ලබා සිටී දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත් , තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට ප්‍රකාශ කර ඇතැයි පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
ලොරි රථ රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

