හොඳ සමුගැනීමක් නැති ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කරන්න - කුලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිසි ඇගයිමක් නොමැතිව විශ්‍රාම ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කරන ලෙස තමන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන් කුලසේකර සිය සමුගැනීමේ කථාවෙන් ප්‍රකාශ කළේය.
ඊයේ (31දා) බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කිරිමටද සමත්විය.
“ලසිත්ගේ කථාව නිසයි මාව නැවතත් ජනප්‍රිය වුණේ. මට ශක්තියක් වුණ සියලු දෙනාටම ස්තූතිය ප්‍රකාශ කරනවා. මාත් සමග සිටපු සියලුම නායකයන්ට හා මගේ සහෘද ක්‍රීඩකයන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා.
මගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න. ප්‍රේක්ෂකයන් මාත් එක්ක හිටියා වගේම අපේ ජාතික කණ්ඩායමත් සමග ඉන්න. ඒ ශක්තිය ඔවුන්ට ගොඩක් ඉවහල් වෙනවා. මට විශේෂිත දෙන්නෙක් ඉන්නවා මාව ක්‍රිකට් වලට යොමුකරපු ෂම්මි ප්‍රසන්න අයියා හා මගේ පුහුණුකරු චම්පක රාමනායක සර්.”


popular news
-
රජින්ද Thursday, 01 August 2019 06:11 PM
ක්‍රිකට් කියන්නේ වාණිජ ක්‍රීඩාවක්. එකේදී ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ විනෝදෙට නොමිලයේ නොවෙන නිසාත් ක්‍රීඩකයින් ඉහල වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ලබන නිසාත් ක්‍රීඩකයෙක්ගේ සමුගැනීමක් කියන්නේ ක්‍රීඩාවේ කොටසක් නිසාත් ඒ වෙනුවෙන් පුද්ගලයෙක් හෝ ආයතනයක් ඔවුන් වෙනුවෙන් 'යමක් කිරීමක්' බලාපොරොත්තු වීම නොකළ යුත්තක්. අනෙක් අතට ක්‍රිකට් ආයතනයද ක්‍රීඩකයින් තෝරා ගැනීම හා සමුදීම ඔවුන්ගේ හිත් නොරිදෙන අන්දමින් සාමාන්‍ය පරිදි කල යුතුයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

