හම්බෙගමුවෙන් ඇල්ලූ අලියාගේ වෙඩි වැදුණු තැන් 48ක්
හම්බෙගමුව සහ අවට ප්‍රදේශවල සැරිසැරූ අවුරුදු තිස් පහක් පමණ වයසැති එක් ඇසක් නොපෙනෙන, අනෙක් ඇසේද පෙනීමේ දුර්වලතා ඇති, දෙකන් නොඇසන බවට විශ්වාස කරන වන අලියා දෙසතියකට ආසන්න දින ගණනක මෙහෙයුමකින් පසු අද (10දා) උදෑසන හම්බෙගමුව, දඹේවැව ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ ඌව සහ දකුණු පළාත් සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවසුවේය.
මෙම වනඅලියා උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ත්වයෙකු වන අතර, මෙම අලියාගේ සිරුරේ මතුපිට වෙඩි වැදුණු සලකුණු හතළිහක් අටක් පමණ පෙනෙන්නට ඇති බව පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා පැවසුවේය.
මෙම මෙහෙයුමට එක්ව සිටි වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවේ හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමෙන් දින කිහිපයකට පසු එම පරිසරයට අලියා මුදා හරින බවයි.
අජිතලාල් ශාන්ත උදය



popular news
-
Champa Tuesday, 10 July 2018 03:34 PM
අයියෝ අහිංසක සතා. අනේ පේනවත් එක්ක වෙඩි වැදිච්ච පාරවල්. ඇඟ පුරාම තුවාල. වෙඩි පාරවල් 48ක්??? මේ වෙඩි තියල තියෙන්නේ මොකොටද? එළවන්න්ද? අනේ හරිම අමානුශිකයි. මෙයාට වතුරත් ඕනේ හුඟක්. අනේ මට හරියට දුක හිතෙනවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

