සෞඛ්‍ය වෘත්තීය සමිති මාරාන්තික උපවාසයකට සැරසෙයි
ගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
නිල ඇඳුම් දීමනා ගැටලු, අතිකාල ගැටලු හා ආදේශක අනියම් සේවාවල සිටින පිරිස්වලට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (31දා) කොළඹ ජාතික රෝහල හා කාසල් වීදිය කාන්තා රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.
අනතුරුව විරෝධතාකරුවෝ පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ මරදාන, ටවුන්හෝල් මාර්ගය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
විරෝධතා පාගමන හේතුවෙන් ටවුන්හෝල් ප්‍රදේශය තුළ දැඩි වාහන තදබදයක්ද ඇති විය.
එසේම දින 14ක් ඇතුළත අදාළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ගැටලු විසඳා ගන්නා බවද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සුසිත් අරුණසිරි මහතා සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

