ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
මෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරැවක් ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා සිංගප්පූරැ (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යෞවනියෝ සමත් වූහ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් සංවර්ධන සංචිතය සහ යොවුන් සංචිතය එක්ව සිටි අතර සියලුම තරග පනාගොඩ යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඊයේ දිනයේ පැවති පළමු තරගය (වට 10 කින් යතු) දෙපිලම සම ලකුණු ලබා නිමාවට පත්වූ අතර එහි අවසාන ලකුණු තත්ත්වය දැක්වූවෝ ලකුණු 41-41ක් වශයෙනි.
අනතුරැව පැවති විනාඩි 15 තරගවට 02 නිමා වනවිට ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය ලකුණු 31-25ක් ලෙස ජයගැනීමට සමත් විය. ආසියානු යොවුන් දැල්පන්දු කණ්ඩායම තෝරාගැනීමේ අභිප්‍රායෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර පෙරේදා (17 දා) තරගාවලිය ආරම්භ විණි.
මෙම තරගාවලිය අද (19 දා) දිනයෙන් අවසන් වීමට නියමිත අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙම සතිය තුළ පුහුණුකරැවෙක් පත් කිරීමෙන් අනතුරැව ශ්‍රී ලංකා යොවුන් සංචිතය තෝරා ගැනීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා සංවර්ධන සංචිතයේ පුහුණුකරැ ලෙස ගීතානී නිල්මිණි මහත්මිය කටයුතු කරයි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd