ADA
www.ada.lk
2025 මැයි මස 06 වන අඟහරුවාදා
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉහළ දැමූ ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු පහළ දැමීමට අදාළව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සමග අද (31දා) දිනයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේමහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
මෙවර ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු තෙගුණයකින් ඉහළ දමා තිබෙන බවත්, මේ නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැඩි අසාධාරණයක් වන බවත් එම සංගමයේ සභාපති සඳුන් චතුරංග මහතා සඳහන් කළේය.
ඉහළ දැමූ ගාස්තු පහළ දමන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෘශ්‍ය කලා පීඨයේ සිට උපකුලපති කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වූ අතර,අනතුරුව උපකුලපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්විණි.
පසුව ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් හා උපකුලපතිවරයා අතර සාකච්ඡාවක් පැවැතිඅතර, එහිදී ප්‍රා‘යෝගික ගාස්තු ඉහළ දැමීම පිළිබඳ හා පාඨමාලා මුදලට විකිණීම පිළිබඳ සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා අසාර්ථක වූ බවත් සභාපතිවරයා පවසා සිටියේය.
එබැවින් අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර ඉදිරි සතියේ සිට ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඉන්දිය හිටපු පුහුණුකරු ලංකාවේ පන්දු රැකීමේ අංශ සංවර්ධනය කිරීමට එයි
ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
මන්ත්‍රී චාමර සම්පත්ට අද ලැබුණු නියෝගය මෙන්න
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
සබරේ චරිත්ගේ මරණය ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd