ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක්
ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.
පෝෂ්‍යදායි දේශීය ආහාර වේලක් එම ගුවන් මගීන්ට ලබාදීම වැඩපිළිවෙළේ අරමුණයි.එය ඊයේ(25) ආරම්භ කෙරුණේ කටුනායක ගුවන් තොටුපලේ සෙරෙන්ඩිබ් ශාලාවේදීයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ මෙම දේශීය ආහාර වට්ටෝරුව ක්‍රමානුකූලව සිය ගුවන් මගීන් වෙනුවෙන් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයෙකු ශ්‍රී ලංකාව පිළිබඳ සිය පළමු අත්දැකීම ලබා ගන්නේ ගුවන් යානය තුළදී .ඒ නිසා මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරම්භ කිරීම සතුටට කරුණක් බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.






popular news
-
nm Saturday, 26 February 2022 12:48 PM
දේශීය අහාර ලබාදීමට වැය වන වියදම සහ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ මේවන විටත් තිබෙන curry smell දෙගුණ තෙගුණ වනු ඇත. එම curry smell ඉවත් කිරීමට කොපමණ මුදලක් වයවන්නේද කියාත් සොයා බලන්න. ඕනෑම රටකට සංචාරකයන් පැමිණි පසු එමරටේ දේශීය අහාර රසවිදීම සමනය දෙයකි. ගුවන් යානයේදී සරල සුපුරුදු අහර වේලක් ලබා දීම කාලෝචිත ක්‍රියාවකි. ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ මගින් පැමිණෙන සංචාරකයන් curry smell නිසා වෙනත් ගුවන් ආයතන තෝරාගැනීමට පවා ඉඩ තිබේ. දේශීය දේශීය කියමින් සෑම දේශයටම දේශීයත්වය එක්කිරීමට ගොස් වෙනත් පාඩු සිදුවනු ඇත. යමක් කිරීමට පෙර විස්ලෙශනයක් කල යුතුවේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

