වූහාන් කොරෝනා රෝහල දින 10කින් ඉදිකරයි
වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.
මෙම රෝහලේ ඉදිකිරීම් ඉරිදා දිනයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ අතර එදිනට ඉදිකිරීම් අවසන් කරමින් අද (සඳුදා 03දා) එම රෝහලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
හුඕෂෙන්ෂාන්හි ඉදිකළ මෙම රෝහලේ රොගීන් 1000කට නේවාසික පහසුකම් ලබාදීමට හැකිය. මෙම රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ 1400ක් වන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.
2003 දී SARS වෛරස් රෝගයට ප්‍රතිකාල ලබාදීම සඳහා බීජිං නුව ඉදිකළ රෝහල් ආකෘතිය අනුව මෙම රෝහලද නිර්මාණය කළේය. මෙහි ඉදිකිරීම් පසුගිය 23දා ආරම්භ කළේය.
ෂිංහුවා




popular news
-
Kumar Monday, 03 February 2020 08:50 PM
අතිවිශාල යුධ හමුදාවක් ඇත චීනය මේ වැනි ආරෝග්‍යශාලා කොටස් වශයෙන් සදා ගබඩා කර තිබෙනවා. මේ වගේ අවස්ථාවකදී ඒ කොටස් ගෙනවිත් තබා ආරෝග්‍ය ශාලාවක් සැදුවේ. මේක එතරම් ලොකු ආශ්චර්යක් නොවෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
