ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/07 දින දහවල් 12.05 පැමිණියේය .
මෙම යානය හෙලිකොප්ටර් යානයක් සේම ගුවන් යානයක් ලෙස ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි .
මෙම යානයෙහි ඇති අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහලට එසවෙන ආකාරයට සකස් කර තිබුණද , අවශ්‍යතා පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කර ගත හැකිය .
එසේම මෙම යානය ගුවන් ගත වීමට ධාවන පථයක් අවශ්‍ය නොවන අතර , එය හෙලිකොප්ටර් යානයක් මෙන් එකවරම අහසට නැංවීම සිදු කළ හැකිය .
මෙම යානය ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් , නාවික සැතපුම් 50 ක දුරින් නැංගුරම් ලා ඇති ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම යානය 11/07 දින පස්වරු 12.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව , ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාව වෙත පිටත්ව ගියේය.


