දුම්රියේ ගැටි මිය ගිය වෛද්‍ය සිසුවියගේ මරණය සැක බව පියා කියයි
ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් මියගිය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියගේ මරණය සැක සහිත බව පවසමින් ඇගේ පියා අද (06) ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
එම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය සිසුවියකි. ඇගේ සිරුර පසුගිය 03 වැනිදා උදෑසන ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය අසල තිබී හමුවිය.
මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල කඩවත්සතර මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබූ අතර, දේහය භූමදාන කිරීම සඳහා ඥාතීන්ට ලබාදී තිබිණ. මියගිය සිසුවියගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙසයි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට, උණවටුන ඩී ජී සුගතපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
