විශාල බෝයාවක් පෙරියපඩු වෙරළට ගොඩ ගසයි
දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .
කිලෝ ග්රෑම් 4000 කට අධික බරකින් යුක්ත බවට පැවසෙන මෙම බෝයාව වරායන් තුළ නෞකා රදවා ගැනීමට යොදා ගැනෙන බවත් කිසියම් හේතුවක් නිසා එහි රදවනය කැඩී යාමෙන් මෙසේ ගසාගෙන විත් වෙරලට ගොඩ ගසා ඇති බව නාවික හමුදාව කියයි.
පෙරියපාඩු වෙරළ තිරයේ තිබු මෙම බෝයාව ට්රැක්ටර් රථ යොදා ගෙන න් ගොඩ බිමට රැගෙන එමට නාවික හමුදාව කටයුතු කර තිබුනී.
නාවික හමුදාව පවසන්නේ මෙය වසර ගණනාවක් පැරණි එකක් බවයි. ගිනි ගැනීමට ලක්ව මේ වන විට ගිලෙමින් පවතින එක්ප්රස් පර්ල් නැවට මෙහි කිසිම සම්බන්ධයක් නොමැති බවද නාවික හමුදාව පවසයි.



popular news
-
appu Friday, 04 June 2021 09:18 PM
shah... mara labugediayk ne goda gahala thiyenne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

