www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානූකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.
තවත් විධායක අගමැතිවරයෙකුට බලය ලබානොදෙන අයුරින් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවත්,ඒ වෙනුවෙන් රට තුළ ජීවිත පරිත්යාලයෙන් සටන් කිරීමට අලුත් පියාපත් සංවිධානය සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.
වසර 41ක් තුළ විධායක ජනාධිපතිධූරය රටට දැවැන්ත විනාශයක් සිදුකර තිබෙන බවත්,මේ වසරෙදී විධායක ජනාධිපතිධූරය අහෝසි කරන තැනට රට ගෙන යායුතු බවත් හෙතෙම කීය.
‘තවත් විධායක ජනාධිපතියෙක් එපා‘ මැයෙන් කොටුව දුම්රියපළ ඉදිරිපිට අලුත් පියාපත් සංවිධානය පැවැත්වූ විරෝධතා වැඩසටහනට එක්වෙමින් එරංග ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
සිවිල් සංවිධාන කිහිපයක් නියෝජන කරමින් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පක්ෂව පැමිණි සිටි පිරිස බැනරයකට අත්සන් තැබූහ.
ඡයාරූප ඉසුරු පෙරේරා
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
වැඩමුළුවකට ආපු දකුණු අප්‍රිකානු ජාතිකයෙක් අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd