වැඩවර්ජනය සාර්ථකයි - ගුරු සංගම්
ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.
පාසල්වලින් 95%ක් අද දිනයේදී වසා දැමීමට සිදුවූ බවත්, ඉතිරි 5% ක ප්‍රමාණය පවා පවත්වාගෙන ගියේ අඩු ගුරුවරු සංඛ්‍යාවකින් බවද ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.
කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළුව ස්ථාන 21කදී විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ගුරු විදුහල්පතිවරුන්ගේ ශක්තිය දැන්වත් බලධාරීන් තේරුම්ගත යුතු බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
උසස්වීම් ගැටළු වැටුප් විශමතා විසඳන ලෙස හා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස හා තවත් ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරනු ලැබිණි.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු





popular news
-
Champa Wednesday, 13 March 2019 06:01 PM
වර්ජනය අති සාර්ථකයි කියලා කියන්නේ පාසල් 95%ක් වහන්න පුළුවන් වුනු හින්ද මිසක් තමන්ගේ ඉල්ලීම් ලැබුණු නිසා නෙමෙයි. ඉස්කෝල වහල දාන්න ලැබුණු එක ගැන සතුටු වෙන ලෝකේ එකම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිය මේක වෙන්න ඕනේ. දැන් කාටද පාඩු වුනේ? ආණ්ඩුවටද? දරුවන්ටද? දරුවන්ගේ ඉගෙනීම පාඩු කරලා සතුටු වෙන එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ. ගුරුවරයා සහ වෛද්‍යවරයා දෙන්නම කරන්නේ රැකියාවකට වඩා සේවයක්. වැටුප් අඩු ඇති. ඒකට විසඳුමක් තියෙනව. අලුත් විදිහේ විසඳුමක්. ඒක මෙතන ලියන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් මෝඩ ආණ්ඩුව ලකුණු දාගන්න ඉඩ තියෙන නිසා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

