ලෝක කුසලානය එංගලන්තයට
සත්කාරක එංගලන්ත කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය. තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ ලකුණු තත්ත්වයද සමව අවසන් විය. පසුව ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයද සමවිය.
ඒ අනුව තරගයේ ජය හයේ හා හතරේ පහරවල් අනුව එංගලන්තයට හිමිවිය.
මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදි කඩුලු 8කට ලකුණු 241 ක් රැස්කිරිමට සමත්විය. නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නිකොලස් අර්ධ ශතකයක් (55) රැස්කළ අතර ටොම් ලේතම් ලකුණු 47ක් රැස්කළේය.
එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කේට් කඩුලු 3 බැගින් දවාගත්හ.
ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය විය.
ට්‍රෙන්ට් බෝල්ට් අවසන් පන්දුවාරය යොමුකළ බෙන් ස්ටෝක්ස් එම පන්දුවායේදී පන්දුවට පහර දෙමින් 0,0,6,6,,1 W(අඩිල් රෂිඩ් දුව්ද්දී දැවී ගියා),1 W (මාක් වුඩ් දුවද්දී දැවී ගියා) ඒ අනුව තරගයේ ලකුණු තත්ත්වය සමවිය.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් සුපුරි පන්දුවාරයකට යොමුවිය.
ඒ අනුව මුලින්ම එංගන්තය පන්දුවට පහරදෙමින් ලකුණු 15ක් රැස්කළේය. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් රැස්කළ යුතුව තිබුණි.
කෙසේ වෙතත් නවසීලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 15ක් පමණි. ඒ අනුව සුපිරි පන්දුවාරයද සමව අවසන් විය. කෙසේ වෙතත් මෙහිදී මාටින් ගප්තිල් දුවද්දී යැවී යාමකටද හසුවිය.
එංගලන්ත කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙය විය. නවසීලන්තයද මේ දක්වා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත. 2015 වසරේදීද එක්දින ලෝක කුසලාන අනුශූරයන් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.





popular news
-
Dayan Monday, 15 July 2019 09:33 AM
එංගලන්තය ලබාගත් දිනුමක්. නවසීලන්තය පරාද නැත.
Reply : 0 1
Demuni de silva Monday, 15 July 2019 09:23 PM
We have the rights to criticise; CWC චෝmmittee have rights to determine. They did on grounds.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

