ලංකාවේ නාවික හමුදාවට එක්වෙන විශාලම නෞකාව කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙම නෞකාව ලබා ගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
පසුගිය වසරේ අගෝස්තු 27 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි. එහිදී ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම නෞකාව මිටර් 115 ක දිගින් යුතු යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්ෂා කර ඇත.







popular news
-
Champa Sunday, 12 May 2019 05:08 PM
තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාව, ඇමරිකන් නාවුක හමුදාවේ කුඩා අනුකණ්ඩයක් වෙනවා අපේල් 21 වෙන්දයින් පස්සේ. මේක, මේ නැව දෙන කතාව කිව්වේ 2017 වගේ මට මතක. 2019 වෙනකොට ඇමරිකන් හමුදාව ලංකාවේ ඉඳියි කියල උපකල්පනය කරන්න ඇති. ඒ හින්ද ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන්න මේක දුන්න. චීනය ජපානය වගේ නෙමෙයි ඇමරිකන්කාරය කිසි රටකට කිසි දෙයක් නිකම් දෙන්නේ නැහැ. චීනය බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාව තෑග්ගක් විදිහට දුන්න. ජපානය ශ්‍රී ජයවර්ධනපුර රෝහල තෑග්ගක් විදිහට දුන්න. ඒ කාලේ ලංකාවේ රාජ්‍ය නායකයන්ට ණය නෙමෙයි දුන්නේ තෑගී. අද කොහොමද? අද ණය විතරක් නෙමෙයි රටේ සම්පත් ඉල්ලනවා. රටේ ඉඩම් ඉල්ලනවා. රාජ්‍ය පාලනයත් තීරණය කරනවා.
Reply : 0 12
චම්පික Sunday, 12 May 2019 05:49 PM
චීනයෙන් මේවා අරගත්තානම් හුගක් ලාබය්, නැව් කීපයක් උනත් ගන්න තිබුනා මේ සල්ලි වලින්. ඒවුනත් ඇමරිකාවට අපි දැන් යටත් වෙලානේ ඉන්නේ.
Reply : 0 0
Kumar Monday, 13 May 2019 07:49 PM
මම සිතන්නේ මෙම යාත්‍රාව ලංකාවට දුන්නෙ නාවික හමුදාව ශක්ත්කරන්න අවශ්‍ය නිසයි. මෙය තෑග්ගක් වශෙන් දුන්න දෙයක්. ඔය ඊයේ පෙරේද ඉපදුන අය ඇමරිකාවෙන් ලංකාවට දුන්න ආධාර ගැන දන්නේ නැහැ. බණ්ඩාරනායක මහත්මයාගේ කලේ. දුම්රිය සේවයට powerset ගණනාවක් තෑගි දුන්නා. පාසල්වල ළමයින්ට බනිස් සහ කිරිදුන්නා. සේනානායක සමුද්‍රය හදලදුන්නා. එදිනවල චිනේ සිට්යෙත් නෑ ජපානය හිට්යෙත් නැනෙ. නිදහස් ලංකාවට කලින්ම අත දුන්නෙ ඇමරිකාවයි. 1957 දරුණු ගංවතුර ගැලුව අවස්ථාවේ ජිවිත බෙර ගැනීමට කලින්ම helicopter යානා ලබාදුන්නෙත් එම රටෙන්මයි.. කොටි ආයුද නැව් ගැන ඔත්තුදුන්නෙත් ඇමෙරිකාව. සමහර අය බොරුවට කෑගහනවා.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

