රුවන්වැලි මහා සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍ය පැලඳවීම 25දා
රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
රන් අලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම නොවැම්බර් මස 26 වැනිදා උදෑසන සිදුකරන බව විශ්ව පාරමි පදනම සඳහන් කරයි.
සියලු බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීමට හැකි වන සේ පොදු මහජන ප්‍රදර්ශනය ඊයේ (18දා) සහ අද (19දා) යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර ප්‍රදර්ශන මැදුරේදී අවස්ථාව උදාවේ.



නොවැම්බර් මස 20 වැනිදා පෙරවරුවේදී චූඩා මාණික්‍ය සහිත පාදම කොළඹ සිට අනුරාධපුරය දක්වා වඩම්මවනු ලබේ.
පසුව, නොවැම්බර් 20 වැනිදා පස්වරුවේ සිට, නොවැම්බර් මස 21 වැනිදා සම්පූර්ණ දින ඇතුළු, නොවැම්බර් මස 22 වැනිදා පෙරවරු කාලය දක්වාත් රුවන්වැලි සෑ භූමියේ සරසන ලද සුවිශේෂී කුටියක් තුළ චූඩා මාණික්‍ය සහිත පාදම බැතිමතුන් හට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාවේ.
popular news
-
Champa Monday, 18 November 2019 11:06 PM
නව චූඩ මානික්‍ය කියන්නේ අර swarovski කොම්පැනියෙන් වඩම්මවා ගෙන ආපු වීදුරු කෑල්ලටද? වීදුරු කෑල්ලකට වන්දනාමාන කරන්න කියන්නේ පිස්සුද? චූඩ මානික්‍යයේ බලය ඇති වෙන්නේ ඒක තියෙන තැන අනුව. මේසයක් උඩ තිබ්බට ඒක චූඩ මානික්‍යයක් වෙන්නේ නැහැ හලෝ. අනේ මන්ද.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

