ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
රැකියා ලබාදෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටි උපාධිධාරීන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් පිළිතුරු ලබාදුන් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ සටන මින් ඉදිරියට ජනතාව එකතු කරගෙන සිදුකරන බව එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්යතැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (29දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර, පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට ඔවුහු කටයුතු කළහ.
මෙහිදී පාගමන ජනාධිපති කාර්යාලය දෙසට යාම වැළැක්වීමට පොලීසිය ලෝටස් මාර්ගය හරහා බාධක යොදා වසාදැමීමට කටයුතු කළ අතර, මාර්ග බාධක ඉවත් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් විසිරුවා හැරීමට අවස්ථා දෙකකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය.
ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකුම විවිධ ආබාධවලට ලක්විය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
chandana Monday, 29 July 2019 05:51 PM
ලංකාව පුදුම රටක්, නිකන් ඉගෙනගන්නවා මදිවට ආණ්ඩුවෙන් රැකියාත් දෙන්න කියල පෙළපාලි යනවා , මුන්ට නිකන් කන්නත් දෙන්න කියි ආණ්ඩුවට
Reply : 0 0
Kumar Monday, 29 July 2019 09:42 PM
ආණ්ඩුවෙන් රක්ෂා ඉල්ලා උද්ගෝෂණය කරන එක අනුවන වැඩක්. රජයට සීමාවක් නැතිව රක්ෂා ඇතිකරන්න හැකියාවක් නැහැ. තමාට හැකිතැනක රක්ෂාවක් සොයාගැනීම තමා කරන්න ඔනෙ. ලංකාවේ ආණ්ඩුවේ රැකියාවක් නැතිනම් ඒක අඩුකමක් හැටියට ගණන්ගන්නෙ. ලංකාවේ නොමිලේ උසස් අධ්‍යාපනය ලැබෙන්නේ නමුත් මේ රටේ සෑම ආයතනයකටම ගෙවන්න ඕනෙ. සමහර අය උපාදියක් ගන්නේ හතර වටේම ණයවෙලා. රජයේ දත්ව අනුව සෑම උපදී ලැබුන කෙනෙක්ම අවම වශයෙන් $25,000ක් නයලු. ඒ අතින් ලංකාවේ දක්ෂ දරුවන්ට හොඳයි.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd