රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන්ගත් ජීප්රිය ගිනි ගනියි
- 16 04 2024
- 10:21
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනයේ හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ.
බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
