www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.
එම අවස්ථාවට යුද හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. නාවල්අඩි, පන්නලි, තෙලිප්පලෙයි ලිපිනයේ පදිංචිව සිටි ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු බළකායේ වසර 22 සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාමව සිටි බලලත් නිලධාරී එස්.ෂන්මගු සුන්දරම් පෙරේදා (16දා) මියගියේය.
1968/11/15 දින ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව වෙත බැඳී මූලික යුද පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව 04 වන ශි‍්‍ර ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට ඔහු එක්ව තිබේ.
මෙම බලලත් නිලධාරියා ඔහුගේ යුද හමුදා දිවිය තුළ ඉටුකලා වූ විශිෂ්ට සේවය වෙනුවෙන් පුර්ණභුමි පදක්කමෙන්ද, සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කමෙන්ද, ජනාධිපති පදවිප්‍රාප්ති පදක්කමෙන්ද, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd