මොනරාගල දිස්ත්‍රික්කය තුළ වගා කර ඇති වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්න ලැබී ඇතැයි ගොවීහු පවසති. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන,තෙනගල්ලන්ද,ඉත්තෑකටුව ප්‍රදේශ වල පදිංචි ගොවීන් විශාල පිරිසක් කළුදියඇල්ල ප්‍රදේශයේ අක්කර දසදහසක පමණ වට්ටක්කා කර ඇති අතර මේ දින වල අස්වඅස්වැන්න නෙලමින් පවතී.
පිටස්තර ප්‍රදේශ වලින් පැමිණෙන ව්‍යාපාරිකයින් වට්ටක්කා මිලදීගැනීමට තෙනගල්ලන්ද බැරල් හංදියට පැමිණෙති. ගොවීන් තම අස්වැන්න ට්රැක්ටර්රථ වලින් එම ප්‍රදේශයට රැගෙනඑනු ලබයි.වට්ටක්කා වල ප්‍රමිතිය අනුව කිලෝවක් රුපියල් එකසිය විස්සක ඉහළම මිලකට අලෙවි වන අතර කුඩා වට්ටක්කා කිලෝවක් රුපියල් හැටත් අසූවත් අතර මිලකට අලෙවි කෙරේ.
වගාකටයුතු සඳහා වියදම්කළ විශාල මුදල හා සසඳා බලන විට එම වට්ටක්කා වල මිල ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති.
මොනරාගල සුමනසිරි ගුණතිලක


