මැතිවරණයක් ඉල්ලා කොළඹ උද්ඝෝෂණයක්
'ජනතා පරමාධිපත්‍ය සුරැකීම උදෙසා මැතිවරණයක් ලබාදෙනු' මැයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (27දා) සවස ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග තදබදයක් හටගෙන තිබේ.
මාර්ග අංක 02, 32 ,100, 101, 138, 400, 401, 430 යන බස්රථ ඇතුළු පිටකොටුවේ සිට පිටත්වන වාහනවලට බාධා ඇතිවී තිබේ.
කාර්යාල සේවය අවසන් කර ගම්බිම් බලා යන ජනතාවට මේ හේතුවෙන් අපහසුතා ඇති විය.
ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහ පිටකොටුව පදික වෙළෙන්දෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරදි බවත්, ඉන් පසුව හටගෙන ඇති අස්ථාවරභාවයෙන් රට ගලවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවත් මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා

























popular news
-
Champa Tuesday, 27 November 2018 05:37 PM
දැන් චන්දයක් තිබ්බොත් ආයේ පාර්ලිමේන්තු එන්නෙත් මේ ඉන්න පිරිසමයි. ඕක කරගන්න බිලියන් 6ක් 7ක් මහජන ධනය වියදම් කරන්න ඕනෙද? මහ මැතිවරණෙ ඕනේ වෙලා තියෙන්නේ මෛත්‍රීටයි බැසිල්ටයි විතරයි. ඒක තියන්නේ ඕනේ නියම කාලෙට 2020දි. ඉස්සෙල්ල එන්න ඕනේ ජනාධිපතිවරණයක්. මුළු රටම බලා ඉන්නේ ජනපති ගෙදර යනකම්.
Reply : 217 282
fah Tuesday, 27 November 2018 07:39 PM
මෝඩ ජනතාව ඉන්නකම් ඉතින් මේ වගේ උද්ගෝෂණ පවතී. මොකද චන්දෙට යන වියදම මන්ත්‍රිලගෙන් නෙමෛඉ අපෙන් තමා අයකරන විස්තරේ ඒගොල්ලෝ දැන ගන්නකොට පරක්කු වැඩි. අරක්කු බෝතලේටඉ බත් පැකේට් නේ අන්තිමට ඉතුරු වෙන්නේ
Reply : 221 336
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

