මැතිවරණයක් ඉල්ලා කාන්තා පෙරමුණ මහ පාරට
ජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.
ජනමතයට ඉඩ ලබාදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙස එම සංවිධානයේ නියෝජිතවරියන් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට එක්වූ පවිත්‍රා වන්නිආරච්චි සහ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් සඳහන් කළේ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කර ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම නිසා රටේ බහුතරයක් වන කාන්තාවන්ට අසාධාරණයක් සිදුව තිබෙන බවයි.
මැතිවරණයක් පවත්වා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පවසා සිටියහ.
ඡායාරූප ශමිර රාජපක්ෂ









popular news
-
Nandana Tuesday, 11 December 2018 04:28 PM
ගෙවල් වල වැඩ නැද්ද?, මගේ ගැණී ගියානම් හතර හන්දි කඩනවා.
Reply : 0 10
piyawansa Wednesday, 12 December 2018 02:38 PM
පුදුම හිතෙනවා හැසිරෙන හැටියට. පටු දේසපාලනය තමයි ලොකු. රටේ නීතිය සදාචාරය විනය ගැන කිසි තැකීමක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

