මහින්දගේ වාර්තාව ජනපතිට
රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.
විපක්ෂනායකවරයාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ප්‍රධානීන් මෙම වාර්තාව සකස් කළ අතර ඔවුහු ඊයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙය භාරදී තිබුණි.
එම වාර්තාව විපක්ෂනායකවරයා විසින් අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම වාර්තාව භාර දුන්නේය.


හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
Kumar Saturday, 04 May 2019 06:38 AM
සුදු වැන් සේවය නැවත පටන්ගැනීම එක නිර්දේසයක්ද?
Reply : 13 27
Koralage Saturday, 04 May 2019 07:08 AM
මේක අතට දීල මේකට ඉතින් අපිටමයි තලන්න ඕන කියල කියන්න ඇති නේද ? ජනතාවට දැන් දේශපාලකයෝ පිළිකුල් . ලබන චන්දෙදි හිතපුවත් නැති කෙනෙක් කලඑළි බසිනවා කියල බුද්ධි අන්ස ලොක්කෙක් ලඟදි ටෙලෙවිෂන් නාලිකාවක කිව්වේ ඔන්න ඔය නිසා තමා . දැන් ඉතින් හැමෝගෙම කකුල් වෙවුලනවා ඇති කොහොමද බලයට එන්නේ කියල . බල්ලෝ එක්ක ලග්ග නම් මැක්කෝ එක්ක ම හිටපල්ලා .
Reply : 0 45
chathuri Saturday, 04 May 2019 07:24 PM
නයි මුගටි එකතු වෙන්න. හොඳ නැහැ. ලොකු අනතුරක්. සිදු. වෙන්නේ , ඒවායින්. බැට කන්නේ. ජනතාව දැන්. මේ. පත්‍රිකාව අතට. දෙන. එකත්. පොහොටෝ. අරගෙන රැවුල. ගිනි අරන් ඉද්දි. සුරුට්ටු. පත්තු. කරන්න. හරි. දක්ෂයි. , නමුත්. මේ සිදුවූ. විනාශයට. එක්කෙනෙක්. හරිම. කැමතියි. ඒ. ගැන කියන්න. බයයි. ,බොරුවට. ජනතාව පැත්තට. කතා කරනවා. , බලය. අත ලග. කියල. හිතන්. ඉන්නේ , අනිකා බයවෙලා. ඉන්නේ මේ ප්රශ්නය. නිසා. බලය අහිමි. වෙන. බව. දන්නා. නිසා මේ 225. එකෙකුට දෙවියනි නැවත. අලුත්. ඉරක් පායනවා බලන්න ඉඩ. තියන්න. එපා මේ 225එක. පොදියට අපායට යන්න. පාර කපලා දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

