මධ්‍යම කඳුකරයට දැඩි වර්ෂාපතනයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
තවදුරටත් එම ජල පෝෂණ ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කර අය සැලකිලිමත්ව සිටින එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.
මේ අතර හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වරින් වර මතු වන ඝන මිදුම් තත්ත්වයක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබුණි.
එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
