බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය සුරැකිය යුතුයි - ගෙවිඳු
බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද පැවසීය.
වසර 2500ක් තිස්සේ බෙදුම්වාදයෙන් ආරක්ෂා වු මව්බිම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත්,ඒ වෙනුවෙන් සටන් කිරීමට රටවැසියන් සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.
‘ජනවරමට අවසරයි‘මැයෙන් මරදාන නගර මධ්‍යයේ පැවති ජනරැළිය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ජාතික සංවිධාන එකමුතුව,යුතුකම සංවාද කවය,දේශප්‍රේමි භික්ෂු පෙරමුණ,තුන්හෙල ජනපවුර,ශ්‍රී ලංකා වෛද්‍ය එකමුතුව,නිදහස් කලා සන්ධානය,ජාතික සම්පත සුරැකීමේ මධ්‍යස්ථානය,ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඇතුළු විද්වත් සංවිධාන 28ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජී.එල්.පීරිස්,වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම,සී.බි.රත්නායක,එස්.එම්.චන්ද්‍රසේන,ප්‍රසන්න රණතුංග,රෝහිත අබේගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,පවිත්‍ර වන්නිආරච්චි,මහින්ද යාපා අබේවර්ධන,පියල් නිශාන්ත ඇතුළු මහජන නියෝජිතයින් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා




























popular news
-
dadi Monday, 03 December 2018 06:54 PM
meyalata pissu. Mahinda ge wahallu.
Reply : 0 2
Champa Tuesday, 04 December 2018 03:07 AM
මහින්දගේ ආණ්ඩුව මහවිරු සමරුව මහා ඉහලින් සමරන්න දුන්න. ප්රභාකරන් ඉන්නකොටවත් නැති තරම් මහා පරිමාණයෙන්. ඒවාට විරුද්ධව මේකේ ඉන්න අය එක වචනයක් කතා කලේ නැහැ. මම අවුරුදු 4ක් තිස්සේ මහවිරු සමරුවට පහන් පත්තු කරන්න දෙන එකට රනිල්ටයි මෛත්‍රීටයි විරුද්ධව ලියලා තියෙනව. මෙදා පාර මහින්ද අගමැති වෙලාවේ පහන් 5ක් 6ක් වෙනුවට පහන් දහස් ගණයක් පත්තු කළා ප්‍රභාකරන්ව සිහි කරලා. එක තැනකත් නෙමෙයි උතුරේ බොහෝ තැන්වල මහවිරු සමරුව පැවැත්තුවා. එක ජාතිකත්වවාදියෙක් හෝ දේශප්‍රේමියෙක් කටක් ඇරියේ නැහැ. ඒ මොකොද මහින්දට බයයි. අඩු ගානේ ලඟට ගිහින් හිමින්වත් ඔය වැඩේ කරන්න එපා කියන්න බයයි. වැරදි දේ කවුරු කලත් වැරදියි. එක ප්‍රතිපත්තියක් තියා ගන්න ඕනේ. සිංහල පොලිස් කාරයෝ දෙන්නෙක් කරුණාගේ style එකට මැරුව. කරුණ මහින්දගේ පැත්තේ නිසා කවුරුවත් කට අරින්නේ නැහැ. හැම තැනම double standards. ලැජ්ජයි. දැන් හිරේ ඉන්න දරුණු ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්නත් යනවා. අවුරුදු 4ක් ඊට විරුද්ධව කතා කරපු මිනිස්සු අද ඒවටත් නිහඬයි. මහින්ද කරන වැරදි වැඩේ ගැන කතා කරන්න කොන්දක් නැහැ. බයයි. රනිල් වගේ පඹයෙක්ට විරුද්ධව නම් කන් අඩි පැලෙන්න වේදිකා දෙවනත් කරයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

