බුවනෙක රාජසභා ගොඩනැගිල්ල ගැන අන්තර් වාර්තාව අගමැතිට
කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන්නේය.
එම අතුරුවාර්තාවේ පහත නිර්දේශ ඉදිරිපත් කරයි.
01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත.
ම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.
02) මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
03) මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.
04) මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.
05) විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කළ අතර පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුව නියෝජනය කරයි.



popular news
-
Champa Wednesday, 22 July 2020 05:34 PM
කෝ මෙතන රාජ සභා මණ්ඩපයේ ඉතිහාස කතාව කියන්නේ නැත්තේ ඇයි? නගරාධිපති දැන් බොරු කියනව. 2018 නොවැම්බර් 8 මෙතැන ප්‍රවෘත්තියක් තිබුන "වසර විස්සක් හෝටලයක් ලෙස පවත්වා ගෙන ගිය කුරුණෑගල ඓතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ (පො/පෙ) පියවර ගෙන ඇත සහ ඒ අනුව එම හෝටලය වසා දමා ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරිනුත් යෙදෙව්වා" කියල. එතන කියල තිබුන ඉතිහාස කතාව කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවෙනි බුවනෙකබාහු රජු දැවයෙන් නිම වූ මේ රාජ සභා මණ්ඩපය ඉඳිකළ බව සැලකෙන අතර ඔහුගේ පුත් දෙවෙනි පරාක්‍රමබාහු රජු එතනම දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගාවක් හදල තිබුන, දැන් තියෙන්නේ දළදා මාලිගාවේ ගල් උළුවස්සක කොටසක්ය" කියල. නගරාධිපති දැන් කියනව නම් මෙතැන තිබුනේ ගණිකා නිවාසයක් කියල ඔහු තමයි ඒක දාල තියෙන්නේ. දවස් කීපෙකට ඉස්සෙල්ල මහා ගාම්භීර විදිහට කුරුණෑගල ගියපු පුරාවිද්‍යා ලොක්කගෙත් දැන් කන් කඩා වැටිලා. වැරැද්ද වහල නගරාධිපති ආරක්ෂා කරලා ආණ්ඩුව තරුණ පරම්පරාවට දෙන ආදර්ශය මොකක්ද?
Reply : 0 107
Demuni Uduwara Thursday, 23 July 2020 03:58 AM
A portion of election campaign! The accused arrested?
Reply : 0 96
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

