ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
බංග්ලාදේශ රජය විවේචනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ආචාර්ය ෂහිදුල් අලාම් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද නිහඩ විරෝධතාවක් පැවැත්විය.
ප්රජාතන්ත්රවාදයට ඉඩක් සංවිධානය විසින් මෙම නිහඩ විරෝධතාව සංවිධානය කර තිබූ අතර පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් සංදේශයක්ද භාරදීමට කටයුතු කළේය.
අල්ජසීරා පුවත් සේවය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු බංග්ලාදේශ රජය විවේචනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අත්අඩගුවට පත්විය.
ඡායාරූප ශිල්පියෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වන අලාම් බංග්ලාදේශ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් සිය මාධ්‍ය ජීවිතය තුළ අරගල කළ පුද්ගලයෙකි.
එසේම ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd