පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්
පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.
විනය පරීක්ෂණවලින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන් නෙරපීම සහ සේවක අර්ථසාධක අරමුදල පෞද්ගලික අංශයට පැවරීම සඳහා ආණ්ඩුව නීති සකස් කරමින් සිටින බවද සංවිධායක ලේකම්වරයා සඳහන් කළේය.
කම්කරු අයිතිවාසිකම් නොසලකා, සේවකයන් පිළිබඳ හිතුවක්කාරී තීරණ ගැනීමට සමාගම් හිමිකරුවන්ට බලතල ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළ පරාජය කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ‘ඡන්ද පොරය හමුවේ කම්කරු අයිතීන් යට කිරීමට ඉඩ නොදෙමු‘ මැයෙන් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයට එක්වෙමින් දුමින්ද නාගමුව මහතා මේ බව පවසා සිටියේය.
මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී කොටුව දුම්රියපළ දක්වා පාගමින් පැමිණි පිරිස විරෝධය පළ කළහ.
‘නව කම්කරු ධවල පත්‍රිකාව හා පී.ටී.ඒ., සී.ටී.ඒ. මර්දන පනත් පරදවමු, විශ්‍රාම වැටුපට හා අර්ථසාධකයට අත නොතබනු, රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවක වැටුප් වැඩි කරනු‘ ‘යනුවෙන් සටහන් වූ වැකි සහිත විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ ගමන් කළහ.
මෙම අවස්ථාවට වමේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා ගොවි සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
අමිත් මධුරංග/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු












popular news
-
Kumar Thursday, 18 July 2019 09:55 PM
ඔය සටන් පාඨ කිය කියා පෙළපාලි ගියාට රට දියුණු කන්න බැහැ. තමාගේ රාජකාරිය හරියට කරනවා නම් රට දියුණු වෙනවා. අදායමක් නැතිව වියදම් කලොත් වැඩි කලක් යන්න කලින් ඔය මුදල් නෝට්ටු කොස් කොළ වගේ වටිනා කමක් නැතිව යනවා. ඒ විතරක් නොවේ. ඔයගොල්ලන්ගෙ විශ්‍රාම වැටුප් ගෙවන්න ක්‍රමයක් නැතිව යනවා. මුදල් සොයන්න රජයට තව තව SOFA ගිවිසුම් අත්සන් කරන්න සිදු වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

