ADA
www.ada.lk
2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා
දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන විසින් ආරම්භකර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඒකාධිපති වියරුවට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහයට අද (26දා) එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන මෙම සත්‍යග්‍රහයට එක්වෙමින් මහ සංඝරත්නයේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
පළමු වතාවට මෙරටේ ප්රජාතන්ත්රවාදයට පයින් ගහල යන ගමන අපි නවත්වන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයින්. වසර පහකට වරක් මේ ජනතා නියෝජිතයන් හොඳද නැද්ද කියලා තීරණය කරන්න ජනතාවට පුළුවන්. එහෙම නැතුව ඡන්දෙකට යනවානම් පක්ෂ සියල්ලම එකතුවෙලා සාකච්ඡා කරලා ඒ ගැන තීරණය කරන්න පුළුවන්. ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නටයි අවශ්‍යය. ව්‍යවස්ථාවෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂාවෙන්නේ. වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ආරම්භ කරපු මේ සත්‍යග්‍රහයට මම ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තුවෙන් අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නයි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd