පහරිය ජලාශය සුන්දර රටා මවමින් වාන් දමයි
- 21 11 2023
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- ..
පසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්යවාරි ජලාශයක් වන කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහරිය ජලාශය ද මේ දිනවල වාන්දම අයුරු දැකගත හැකිවිය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව අදාළ ගොවිසංවිධානයේ ඉහළ දායකත්ව ඇතිව නිසි ජලකළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යනු ලබන පහරිය ජලාශයේ ජලයෙන් කුඹුරු අක්කර 360කට පමණ යල-මහ දෙක්නයේදී ජලය නිකුත් කිරීමට හැකිවී ඇති බව කියයි.
කරුවලගස්වැව ජයරත්න





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
