පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අක්කර අඩි 14000ක් ජලය පිටවෙයි
පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.
මේ අනුව වාන් දොරටු දහයම අඩියකින් විවෘත කර ඇති බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අනුව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙන් ජලය අක්කර අඩි එක් ලක්ෂ 11,100 ක් මේ වන විට පවතින බවත් තප්පරේට ඝන අඩි 1400ක් ජලය එක දොරටුවකින් පිටවන බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙසේ පිට කරන ජලය හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් ගඟ පරිහරණය කරන පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



popular news
-
ruwan Monday, 05 November 2018 12:31 PM
හරියට හෙඅද්ලිනේ එක දාගන්නවත් ඔයාලට තම බැහැනේ ගන අඩි 1400 මිස අක්කර අඩි 14000 කොහෙද වනකින් පිටවෙන්නේ
Reply : 0 0
කමල් Monday, 05 November 2018 01:13 PM
@රුවන් මහත්තයෝ එක වානකින් තත්ත්පරයට ඝන අඩි 1400ක් ජලය පිටවෙනවා. මෙහි වාන් දහයක් තිබෙවා ඒ කියෙන්නේ (1400*10) 14000යි. මම හිතන්නේ හරියටම හෙඩ්ලයින් එක දාලා තියෙනවා කියලයි.
Reply : 0 2
තුෂිත විරසුරිය Sunday, 24 May 2020 04:31 AM
මට දැන ගන්න පුලුවන්ද පොලොන්නරුව සහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුබුර අක්කර කියක් තියේද කියලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

